කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඉකුත් ජුනි මාසයේ දී සියලු කොටස් මිල දර්ශක 242 කින් ඉහළ ගිය අතර ජූලි මාසයේ දී එම දර්ශකය තවත් ඒකක 1,645 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා කළ හැකිය. මෑත භාගය තුළ දක්වන ලද ප්‍රගතිය සලකා බලන පසු අගෝස්තු මාසයේ දී ස්ථාවර තැනක් ඉල්ලා සිටින්නට ඉඩ තිබේ. එහි දී යම් යම් උච්ඡාවචන අපේක්ෂා කළ හැකි අතර හදිසි විකිණීම් හේතුකොටගෙන දර්ශක පහත වැටීමේ අවදානමක් ද තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිර්දේශ කර ඇති පරිදි ඔවුන්ගේ ඊළඟ නිරීක්ෂණය සමග මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය කෙරේ. සංවර්ධන අරමුණ සහිත තරගකාරී ව්‍යුහයකට ඇතුළු කිරීම අරමුණු කරගත් තීන්දු ගැනීමට රජයට සිදුවනු ඇත. බැංකු පද්ධතියේ අකාර්යක්ෂමතාව ගැන දිර්ඝ වශයෙන් කරුණු දක්වා ඇති මුල්‍ය අරමුදල ඒවායේ වත්කම් ගැන හා පුද්ගලික අංශයට නිකුත් කරන ණය ප්‍රමාණය ගැන මත පළ කර ඇත. ඇමරිකාව පනවන ලද බදු ප්‍රතිශත සමග ආර්ථීකය හැසිරෙන ආකාරය ද ලබන සඳුදා ආරම්භවන අගෝස්තු මාසයේ කොටස් වෙළෙඳාම කෙරෙහි යම් බලපෑමක් එල්ල කරන්නට ඉඩ තිබේ. කෙසේ වෙතත් මෙරටින් යැවෙන ඇඟලුම්වල ඉල්ලුම පහත වැටීමේ අවදානම අඩුබව විශේෂඥ වාර්තා අනාවරණය කරයි. කෙටි කාලයකට තැති ගැන්මක් ඇති වියහැකි නමුත් පසුව ආවරණයවනු ඇතැයි සැලකේ.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,642.48 ක් දක්වා වර්ධනය විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 76.33 ක දියුණුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,762.17 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 10.49 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 5.66 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 31,878 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 205.8 ක් විය. සමාගම් 152 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 103 කි.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
567
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජුනි මාසයේ සියලු කොටස් මිල කැපී පෙනෙන තැනක