IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


IIHS Multiversity Campus දෙවැනි සංවත්සරය සමරයි

සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධිත IIHS Multiversity Campusහි දෙවැනි සංවත්සරය සිසුන්, කාර්ය මණ්ඩල සාමාජිකයන්, ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා කෙරවලපිටියේදී උත්සවාකාරයෙන් සමරන ලදී. 
2023දී විවෘත වූ IIHS Multiversity Campus සෞඛ්‍ය සේවා සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නගා සිටුවීම අරමුණු කර ගත් විශිෂ්ට ඇරැඹුමකි. දශක දෙකකට වැඩි ඉතිහාසයක් සහිත IIHS ආයතනය හෙද සේවය, ජෛව වෛද්‍ය විද්‍යාව සහ අනෙකුත් සෞඛ්‍ය සේවා අංශවලට අදාළ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දී ඇත. ශාස්ත්‍රීය සහ වෘත්තීය සංවර්ධනය ළඟා කර ගැනීමට සිසුන්ට වැඩි දුරටත් සහාය වීමේ අරමුණෙන් දියත් කළ Multiversity Campus අති නවීන පහසුකම්වලින් සමන්විත වේ. සිසුන්ට ක්‍රියාකාරීව අධ්‍යාපන කටයුතුවල නිරත විය හැකිය. විශාල සිසු පිරිසක් දේශන ශාලා, කණ්ඩායම් ඉගැනුම් මධ්‍යස්ථාන සහ අනෙකුත් පහසුකම් පරිහරණය කරති. සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ගෝලීය ප්‍රමිතිවලට ගැළපෙන ඉගැන්වීම් ක්‍රමවේද හඳුන්වා දී තිබේ. 
සිසුන්ට අධ්‍යාපන කටයුතුවලට අමතරව විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත. සාම්ප්‍රදායික ක්‍රීඩා, ආහාර සහ විශේෂාංගවලින් පිරි අවුරුදු උත්සව වැනි සංස්කෘතික වටිනාකමක් සහිත උත්සව අවස්ථා ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව, සිසුන් සහ කාර්ය මණ්ඩලය එක් වී ටැලන්ට් ෂෝ, පුණ්‍යාධාර වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් වැනි විවිධ වැඩසටහන් දියත් කරති. එවැනි වැඩසටහන් රැසක් පරිශ්‍රයට අයත් Rooftop පැවැත්වෙන අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වෙති. 
පසුගිය වසරේදී IIHS ආයතනය එක්සත් රාජධානියේ සරේ විශ්ව විද්‍යාලය සමග හවුල්කාරිත්වයක් ඇති කර ගත්තේය. එම මුලපිරීම හරහා නව මාවත් ඔස්සේ උසස් අධ්‍යාපනය හැදෑරීමට සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබේ. සිසුන්ගේ අධ්‍යාපනික සහ වෘත්තීය සංවර්ධනය පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කරන එම ආයතනය ශිෂ්‍යත්ව, උපදේශන සහ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් රැසක් දියත් කර ඇත. 
ඉදිරියේදී නැගී එන ක්ෂේත්‍රවලට අදාළ අධ්‍යාපන වැඩසටහන් හඳුන්වා දීමටත්, සහයෝගිතා වැඩසටහන් යටතේ පර්යේෂණ සහ නව්‍යකරණ ව්‍යාපෘති දියත් කිරීමටත්, ශිෂ්‍යත්ව වැඩසටහන් සහ වෘත්තීය සංවර්ධනය හරහා සිසුන්ට සහාය වීමටත්, සෑම සිසුවෙකුටම ගෝලීය මට්ටමෙන් පිළිගත් අධ්‍යාපන සුදුසුකම් ලැබීම සඳහා අවස්ථාව සලසා දෙමින් සිය ගෝලීය සම්බන්ධතා ජාලය වඩාත් ශක්තිමත් කිරීමටත් IIHS ආයතනය සැලසුම් කර තිබේ. 
දේශීය මෙන්ම විදේශීය වශයෙන් නිර්මාණය වෙමින් පවතින රැකියාවල නිරත වීමට අවශ්‍ය දැනුමෙන් සහ කුසලතාවලින් පරිපූර්ණ වෘත්තිකයන් බිහි කිරීම එම ආයතනයේ ප්‍රධාන අරමුණයි. සංවත්සර සැමරුම් උත්සවයේදී එය මෙතෙක් ආ ගමන් මගේ ප්‍රධාන කොටස්කරුවන් වූ සිසුන්, අධ්‍යාපනවේදීන්, ආදී සිසුන්, අධ්‍යාපන හවුල්කරුවන් ඇතුළු සියලු‍ පාර්ශ්වවලට IIHS ආයතනයේ කෘතඥතාව හිමි විය.
“දැනුම, කුසලතා සහ ගෝලීය වටිනාකම් සමග සිසුන් බල ගැන්වීම IIHS ආයතනයේ ප්‍රධාන අරමුණයි. Multiversity Campus දියත් කිරීමේදී අපගේ ප්‍රධාන බලාපොරොත්තුව වුණේ ගෝලීය වශයෙන් පිළිගත්, නව්‍ය සහ අංග සම්පූර්ණ ශාස්ත්‍රීය අත්දැකීමක් ලැබීමට සිසුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම. එතැන් පටන් එය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින අධ්‍යාපන සහ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කරන්නට අපට හැකි වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කිරීමට අපට හැකි වී තිබෙනවා.” IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (0)

IIHS Multiversity Campus දෙවැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17120 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site