IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාසල් අධ්‍යාපන වටපිටාව වෙනස්ම මානයකට ගෙනයනAIA සුව පාසල් වැඩසටහන

AIA සුව පාසල් වැඩසටහන ශ්‍රී ලංකාව තුළ පාසල් අධ්‍යාපන වටපිටාව වෙනස්ම මානයකට ගෙනයාමට ඉවහල් වී ඇති අතර ඒ ඔස්සේ පාසැල අවට ජීවත්වන ප්‍රජාව තුළත් පාසල් දරුවන්ගේ පවුල් තුළත් ධනාත්මක වෙනසක් ඇති කිරීමටත් හේතු වී ඇත. 2024 ඔක්තෝම්බර් මස මෙම වැඩසටහන දියත් කිරීමෙන් පසු, දිවයින පුරා 100 කට ආසන්න පාසල් ගණක් ඒ හා සම්බන්ධ වූ අතර ජනතාවට සුවපත් සැපවත් දිගුකල් ජීවිත ගත කිරීම සඳහා සහාය වීමටAIA ශ්‍රී ලංකා හි ඇති කැපවීම මේ ඔස්සේ වඩාත් තහවුරු විය.

මෙම වැඩසටහනෙහි විශේෂත්වය වන්නේ එය පාසලෙන් ඔබ්බට යමින්, පාසල් ළමයින්ගේ මවුපියන්, පාසල අවට ඇති වෙනත් ආයතන මෙන්ම සමස්ත ප්‍රජාවම සහභාගී කරවා ගනිමින් ඒ සඳහා ලබා දෙන්නා වූ ප්‍රවේශයයි. ඒ ඔස්සේ AIA ශ්‍රී ලංකා අපේක්ෂා කරන්නේ සැමදෙනාගේ සහභාගීත්වය ද ඇතුව සුවතාවෙන් යුතු තිරසාර පරිසරයක් ගොඩනැංවීමයි. මෙම වැඩසටහනෙන් බලාපොරොත්තු වන අවසාන ප්‍රතිපලය වන්නේ සමාජය තුළ කල්පවත්නා යහපත් වෙනසක් ඇති කිරීම වන අතර ඒ සඳහා දියත් කර ඇති මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීම පාසල් මට්ටමෙන් පටන් ගැනීම වඩාත් කාලෝචිත වේ.

පාසල් දරුවන්ගේ මවුපියන් AIA සුව පාසල් වැඩසටහනට සහභාගී කරවා ගැනීම ඉතාමත් වැදගත් කරුණකි. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සකසා ගැනීම සඳහා වන ඉහුම්පිහුම් වැඩසටහන් සහ මානසික සුවතාව අරඹයා සිදු කරනු ලබන සුවතා වැඩසටහන් සඳහා මවුපියන් සහභාගී කරවා ගැනීමට මෙම වැඩසටහ ඔස්සේ පාසැල් උනන්දු කරවනු ලබයි. එම වැඩසටහන් සඳහා මවුපියන්ගෙන් ධනාත්ම ප්‍රතිචාර විශාල වශයෙන් ලැබෙමින් පවතින අතර ඔවුන් පවසා සිටින්නේ දරුවන්ගේ අහාර රටාවන්, ශාරීරික යෝග්‍යතාව මෙන්ම ළමයින් තුළ දරා ගැනීමේ ශක්තිය සහ සතුටුදායක හැඟීම වැඩි වර්ධනය කිරීමට මෙම වැඩසටහන වී ඇති වූ බවයි.



අදහස් (0)

පාසල් අධ්‍යාපන වටපිටාව වෙනස්ම මානයකට ගෙනයනAIA සුව පාසල් වැඩසටහන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site