භානුක අමරසිංහ
යුනියන් බැංකුවට අයත් මූල්‍ය සමාගමක් වන UB ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ශානක යාපා අබේවර්ධන මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 ජූලි 25 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත් කරගෙන තිබේ.
මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණ දෙපාර්තමේන්තුවේද අනුමැතිය හිමි වුණු බව එම සමාගම පවසයි. එම මහතා සතුව මූල්‍ය සැලසුම්, අවදානම් කළමනාකරණය, භාණ්ඩාගාර මෙහෙයුම් සහ සාංගමික පාලනය යන අංශ තුළ දශක දෙකකට වැඩි අත්දැකීම් සහිත බව පවසයි. ශානක යාපා අබේවර්ධන මහතා මේ වනවිට යුනියන් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd