භානුක අමරසිංහ
යුනියන් බැංකුවට අයත් මූල්‍ය සමාගමක් වන UB ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ශානක යාපා අබේවර්ධන මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 ජූලි 25 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත් කරගෙන තිබේ.
මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණ දෙපාර්තමේන්තුවේද අනුමැතිය හිමි වුණු බව එම සමාගම පවසයි. එම මහතා සතුව මූල්‍ය සැලසුම්, අවදානම් කළමනාකරණය, භාණ්ඩාගාර මෙහෙයුම් සහ සාංගමික පාලනය යන අංශ තුළ දශක දෙකකට වැඩි අත්දැකීම් සහිත බව පවසයි. ශානක යාපා අබේවර්ධන මහතා මේ වනවිට යුනියන් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශානක යාපා අබේවර්ධන UB ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට