මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවල ඇදුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ගියේ වත්තල සිමෙට්කෝ වෙළෙඳසල වෙතය. එහි හිමිකරු වූ ඒ. කේ අශාන් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
මේ දිනවල බිස්නස් කොහොමද?
මම වත්තල මේ වෙළෙඳසල කරන්නේ අවුරුදු 4 ක ඉඳන්. කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, මෙට්ට කවර ආදීය තමයි අපි බිස්නස් කරන්නේ. සේවකයෝ තුන්දෙනෙක් ඉන්න්වා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අවුලක් නෑ. සාමාන්‍ය විදියට කෙරීගෙන යනවා. ගිය අවුරුද්දේ බිස්නස් ටිකක් අඩු වුණා. එහෙත් මේ අවුරුද්දේ බිස්නස් හොඳයි ගිය අවුරුද්දට සාපේක්ෂව.
බිස්නස් හොඳවීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් කරන බොහෝ අයගෙන් ඇහුවාම කියන්නේ බිස්නස් අඩුයි. බිස්නස් නෑ කියලා තමයි. බිස්නස් හොඳයි කියලා කියන්නේ හරිම අඩු පිරිසක්. බිස්නස් හොඳට තියෙන්නනම් අපි පාරිභෝගිකයා ගැනත් හිතන්න ඕන. ලොකු ලොකු ලාබ තියාගෙන ලොකු ගණන්වලට භාණ්ඩ අලෙවි කරද්දි බිස්නස් අඩු වෙන එක සාධාරණයි. ඇත්තටම වෙළෙඳුන්ට ලාබයක් නැතුව භාණ්ඩ අලෙවි කරන්න බෑ. එහෙත් සාධරණ ලෙස බිස්නස් කරනවා නම් කවදටත් හොඳට බිස්නස් තියනවා. අනෙක් කාරණාව තමයි පාරිභෝගිකයාගේ ඉල්ලුමට අනුව සැපයුමක් ලබා දෙන්න ඕන. ඔය කියන කාරණා දෙක මත තමයි වෙළෙඳ ආයතනයක රඳා පැවැත්ම තීරණය වෙන්නේ. අපි වෙළෙඳ ආයතනයක් ලෙස ඉතා සාධාරණව බිස්නස් කරනවා. ඒ නිසා මේ දවස්වල බිස්නස්වල අඩුවක් නෑ හොඳට තියනවා.
ශෂිකා අබේරත්න
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මේ අවුරුද්දේ බිස්නස් හොඳයි