IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඊශ්‍රායලයේ රැකියාවලට යන්නන්ට වැඩමුළුවක්

 


කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


ඊශ්‍රායලයේ සේවය සඳහා යෑමට සූදානම් වන මෙරට ශ්‍රමිකයන්ට ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබාදෙන ඌරගස්මංහන්දිය, යටගල පිහිටි ඉදිකිරීම් නිපුණතා සහ පුහුණු කිරීමේ ජාත්‍යන්තර කාර්යාංශය සිය ආයතනයෙන් පුහුණුව ලබා ඊශ්‍රායලයේ රැකියාවලට යාමට සුදුසුකම් ලබා සිටින ශ්‍රමියකයන් හැත්තෑදෙනකු දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් එම ආයතන රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.
ඉදිකිරීම් නිපුණතා සහ පුහුණු කිරීමේ කාර්යාංශයේ සභාපති හා විධායක අධයක්ෂක ජනරාල් සමන් ප්‍රියන්ත, අධ්‍යක්ෂක සිසිර ප්‍රියන්ත,කළමනාකරු නුවන්ත මෙන්ඩිස්, ප්‍රවීණ උපදේශක සුරංග වික්‍රමනායක යන මහත්වරු මේ වැඩමුළුව මෙහෙයවනු ලැබූහ.
එහිදී ඊශ්‍රායලයේ රැකියාවට ගොස් රැකියාව මෙන්ම ලංකාවේ අභිමානය රැක ගැනීමට කළ යුතු කාර්යය, ඊශ්‍රායලයේ රැකියාවට යාමෙන් ලංකාවට ලැබෙන ආර්ථික වාසි, ලැබෙන වැටුප ආරක්ෂා කර ගනිමින් ජීවිතය ගොඩ ගන්නා ආකාරය පිළිබඳව මෙහිදි ශ්‍රමිකයන් දැනුම්වත් කෙරිණ.
ඊශ්‍රායලයට යෑමේ අපේක්ෂාවෙන් සිටින පෙදරේරුවන්,වඩු කාර්මිකයන්, කම්බි නවන්නන්,පිඟන් ගඩොල් අතුරන්නන්, මස් කැපිම සහ ඇසිරීමේ යෙදෙන්නන්, මුළුතැන් ගෙයි සහායක, සහායිකාවන්, වෙල්ඩින් වැඩ කරන්නන් වැනි ක්ෂේත්‍ර ගණනාවක ශ්‍රමිකයන් සඳහා මේ දැනුම්වත් කිරීමේ වැඩමුළුව පැවැත්විණ.
මේ වැඩමුළුව සඳහා සහභාහීවූ ශ්‍රමිකයන් වැඩමුළුව අවසානයේදී සමන් ප්‍රියන්ත මහතා ඇතුළු පිරිස සමග ඡායාරූපයකට මුහුණදුන් අයුරුය.



අදහස් (0)

ඊශ්‍රායලයේ රැකියාවලට යන්නන්ට වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site