IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ලංකා බැංකුව 2025 වසරේදීත් ලොව හොඳම බැංකු 1000 අතරට

මහා බ්‍රිතාන්‍යයේ Financial Times LTD විසින් ප්‍රකාශයට පත් කරනු ලබන The Banker සඟරාව විසින් වාර්ෂිකව සිදු කෙරෙන ලෝක බැංකු ශ්‍රේණිගත කිරීමට අනුව 2025 වසර සඳහාත් ලොව හොඳම බැංකු 1000 අතරට තේරී පත් වීමට ලංකා බැංකුව සමත් විය. 2025 වසරේ මෙම කීර්තිමත් ශ්‍රේණි ගත කිරීම් අතරින් ලංකාවේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ගැනීමට ලංකා බැංකුව සමත් වීම ද විශේෂත්වයකි. 
The Banker සඟරාවේ ‘ලොව හොඳ ම බැංකු 1000‘ ශේණි ගත කිරීම, ගෝලීය වශයෙන් කීර්තිමත් දර්ශකයක් වන අතර, ලොව පුරා ස්ථාපිත බැංකුවල ප්‍රාග්ධන ශක්තිය, වත්කම් පදනම, ලාභදායීතාව මෙන් ම අභියෝගාත්මක ආර්ථික තත්ව හමුවේ ස්ථාවරත්වය පවත්වා ගෙන යාමේ හැකියාව යන කරුණු මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කරයි.
ශක්තිමත් මූල්‍ය වර්ධනයක් සමගින් ලංකා බැංකුව, 2024 වසර සඳහා රුපියල් බිලියන 106.9 ක ලාබයක් වාර්තා කළ අතර, එය ශ්‍රී ලංකාවේ බැංකු ඉතිහාසය තුළ වාර්තා කළ ඉහළම ලාබය ලෙස සඳහන් කළ හැකිය. මෙම වර්ධනය 2025 වසර දක්වාම පවත්වා ගෙන ඒමට සමත් වූ ලංකා බැංකුව, 2025 වසරේ පළමු කාර්තුව අවසන් වන විට රු. බිලියන 30 ක බදු පෙර ලාබයක් වාර්තා කිරීමට සමත් විය.
ආර්ථික දුෂ්කරතා සහිත කාල පරිච්ඡේදය තුළ රටේ මූල්‍ය ක්ෂේත්‍රය ස්ථාවර කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ලංකා බැංකුව, සිය ව්‍යාපාර පුනර්ජීවන සහ ප්‍රතිස්ථාපන ඒකකය (BRRU) හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවීමට මෙන්ම බිඳ වැටුණු ව්‍යාපාර නැවත නගාසිටුවීමට නිරන්තරයෙන් සහයෝගය ලබා දෙයි. 
තරුණ හා කාන්තා ව්‍යවසායකත්වය නැංවීමට මෙන්ම අපනයන ආශ්‍රිත ව්‍යාපාර නඟා සිටුවීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක වන ලංකා බැංකුව, කෘෂිකාර්මික ක්ෂේත්‍රය ආශ්‍රිත කාර්යක්ෂමතාව හා තරගකාරිත්වය වර්ධනය කරමින් ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වා දීමට කටයුතු කිරීම ද විශේෂිතය.
අද වන විට, ශාඛා 660කට සහ 2300 කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලයට හිමිකම් කියන ලංකා බැංකුව, හඳුන්වා දුන් BOC SmartRemit ජංගම යෙදුම හරහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සරල, කාර්යක්ෂම මෙන්ම ආරක්ෂිත පර්යේෂණ සේවාවක් ලබා දීමට සමත් වී ඇති අතර, මෙම සේවාවේ විශ්වසනීය බව තහවුරු කරමින්, විදේශ පරියේෂණ ක්ෂේත්‍රයේ වැඩිම වෙළෙඳපොළ කොටස තමා සතු කර ගැනීමට ලංකා බැංකුව සමත් වී ඇත.
ලංකා බැංකුව, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ස්ථාපිත පූර්ණ අනුබද්ධිත ආයතනය සහ මාලදිවයිනේ මාලේ හා හුල්හුමාලේ, ඉන්දියාවේ චෙන්නායි සහ සීෂෙල්ස් හි පිහිටා ඇති විදේශීය ශාඛා හරහා සිය ජාත්‍යන්තර ව්‍යප්තිය ශක්තිමත් කර ඇති අතර, මෙතරම් පුළුල් විදේශීය පැවැත්මක් සහිත එකම ශ්‍රී ලාංකේය බැංකුව ලංකා බැංකුව බව සඳහන් කළ යුතු මය.
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය වෙත ප්‍රථම වතාවට පරිසර හිතකාමී ඩෙබිට් කාඩ් පතක් හඳුන්වා දීම මෙන්ම BOC Flex  හා SmartRemit වැනි ඩිජිටල් සේවාව හඳුන්වා දීම, ලංකා බැංකුව ගනුදෙනුකරුවන්ගේ පහසුව මෙන්ම තිරසාරත්වය කෙරෙහි ද අවධානය යොමු කරමින් ක්‍රීයාත්මක වන බවට හොඳම සාක්ෂියකි. 
1939 වසරේ පටන් මේ දක්වා පුරා වසර 86 ක් මෙරට ජනතාව වෙත සුවිශේෂී සේවා රැසක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව බවට පත් වීමට සමත් වී ඇති ලංකා බැංකුව, සිය ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීම, ඩිජිටල් සේවා පුළුල් කිරීම, අපනයන වර්ධනයට හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රයට සහයෝගය ලබා දීම සහ සිය සේවා සමස්ත ශ්‍රී ලංකාව ම ආවරණය කිරීම යන අරමුණු පෙරදැරි කර ගනිමින් ක්‍රියාත්මක වේ. 



අදහස් (0)

ලංකා බැංකුව 2025 වසරේදීත් ලොව හොඳම බැංකු 1000 අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 462 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16952 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site