IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දකුණු ආසියාවේ රෙදිපිළි මූලාශ්‍ර ජාත්‍යන්තරයට රැගෙන යන Intex Sri Lanka 2025 අගෝස්තු 6- 8 තෙදින BMICH හීදී

දකුණු ආසියාවේ රෙදිපිළි හා ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ කලාපීය කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරන ‘Intex Sri Lanka’ රෙදිපිළි මූලාශ්‍ර ප්‍රදර්ශනය අගෝස්තු මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය සම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් දකුණු ආසියානු කලාපයේ රෙදිපිළි මූලාශ්‍ර අනාගතය හැඩගස්වන ව්‍යාපාරයක් බවට ද මේ වන විට පත්වී ඇත. 
එපමණක් නොව ගෝලීය සැපයුම්කරුවන් සමග සම්බන්ධ වීමට හා නවෝත්පාදන ගවේෂණය කිරීමට මෙන්ම ලොව ප්‍රමුඛතම රෙදිපිළි මූලාශ්‍ර ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ද Intex Sri Lanka 2025 මෙරට ඇඟලු‍ම් කර්මාන්තයට කදිම අවස්ථාවක් ලබා දී ඇතැයි ප්‍රදර්ශනය සම්බන්ධව අදහස් පළ කළ ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා ප්‍රකාශ කළේය.
2015 වසරේ පැවැති මංගල ප්‍රදර්ශනයේ සිට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තියට පත් ඇඟලු‍ම් නිෂ්පාදන ගෝලීය රෙදිපිළි නිෂ්පාදකයන් සහ තාක්ෂණික ප්‍රමුඛයන් සමග අත්වැල් බැඳ ගනිමින් ක්ෂේත්‍රය තුළ පෙරළිකාර වෙසක් සිදු කිරීමට Intex Sri Lanka ප්‍රදර්ශනය සමත් වී ඇත. මෙම ප්‍රදර්ශනය වසර ගණනාවක් පුරා දකුණු ආසියාව, අග්නිදිග ආසියාතිකයන්ගේ සංගමය, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව සහ යුරෝපය පුරා විසිරී සිටින ගැනුම්කරුවන් හා ඇඟලු‍ම් කර්මාන්ත ප්‍රමුඛයන් සඳහා උපාය මාර්ගික රෙදිපිළි මූලාශ්‍ර සඳහා වැදගත් වාර්ෂික ඉසව්වක් බවට ද පත්වී තිබේ.
ඉන්දියාව, චීනය, පාකිස්තානය, කොරියාව, තායිවානය, බ්‍රිතාන්‍යය, අමෙරිකාව, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු 15කට අධික රටවල් සංඛ්‍යාවක ප්‍රදර්ශකයන්ගේ සහභාගීත්වයෙන් කලාපයීය සැපයුම් දාමය ශක්තිමත් කිරීමට සහ සහයෝගීතාව වර්ධනය කිරීමට ඉවහල් වන මෙම ප්‍රදර්ශනයේදී ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට රෙදිපිළි මූලාශ්‍ර සඳහා කදිම ප්‍රවේශයක් ලබාගැනීමට ද අවස්ථාව උදා වී තිබේ.
 Intex Sri Lanka ප්‍රදර්ශනය දකුණු ආසියාවේ විශිෂ්ටතම ප්‍රදර්ශනය බවට පත් කිරීමට අන්තර් ක්‍රියාකාරී ව්‍යාපාරික සංසදය මොරටුව විශ්වවිද්‍යාලයේ රෙදිපිළි සංගමය සමඟ එක්ව වසර ගණනාවක් පුරා කදිම වේදිකාවක් නිර්මාණය කර ඇති අතර, වසර 2030 වනවිට රෙදිපිළි කර්මාන්තය ලොව වඩාත් තිරසර හා දේශගුණික හිතකාමී ක්ෂේත්‍රයක් බවට පත් කිරීමේ ගෝලීය ඉලක්කය අරමුණු කරමින් නවොත්පාදන හා විද්‍යුත් රෙදිපිළි තාක්ෂණයේ සිට ඩිජිටල්කරණය හා ගෝලීය ආර්ථිකයේ උපාය මාර්ගික ප්‍රවේශය දක්වා තීරණාත්මක සංවාද පැවැත්වීමට ද මෙහිදී කටයුතු යොදා තිබේ. 



අදහස් (0)

දකුණු ආසියාවේ රෙදිපිළි මූලාශ්‍ර ජාත්‍යන්තරයට රැගෙන යන Intex Sri Lanka 2025 අගෝස්තු 6- 8 තෙදින BMICH හීදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site