
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබදව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ කොට්ටාව වාහන උපාංග අලෙවිසැලක් වූ අමිල මෝටර් ස්ටෝර්ස් වෙතය. එහි හිමිකරු වූ රෝහණ පෙරේරා මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
මේ දිනවල බිස්නස් කොහොමද?
වාහන සඳහා අවශ්‍යකරණ උපාංග තමයි අපි විකුණන්නේ. මේ බිස්නස් එක පටන් අරන් දැනට අවුරුදු 30ක වගේ කාලයක් වෙනවා. සේවකයෝ 6 දෙනෙක් වැඩ කරනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් හොඳයි වරදක් නෑ. සාමාන්‍ය පරිදි අඩුවක් නැතිව කෙරීගෙන යනවා. ගිය අවුරුදුවලට වඩා බිස්න්ස්වල වර්ධනයක් තියනවා.
බිස්නස් වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් වැඩි වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි රථ වාහන වෙළෙඳාම යාථා තත්වයට පත්වීම. මෙරටට වාහන ගෙන්වීම නැවැත්වීමත් සමග අපිට බිසන්ස් අඩු වුණා. එහෙත් නැවත වාහන මෙරටට ගෙන්වීම සඳහා අවස්ථාව ලබා දීලා තියනවා. මිනිස්සු සල්ලි නෑ ආර්ථිකේ අමාරුයි කිව්වට වාහන සේල්වල මිනිස්සු පෝලිමේ.
ගොඩක් අය බලන් හිටියේ රටට අලුත් වාහන ගේනකන්. වාහන ආනයනය සමග වාහන හිමිකරුවන් අලුත් වාහන මිලදී ගන්න පරණ වාහන විකිණීම ආරම්භ කළා. ඒත් සමග අපිටත් බිස්නස් වැඩි වුණා. මොකද පරණ වාහන අලුත්වැඩියා කිරීම් බහුලව සිදුවන නිසා අපි ළග තියන වාහන උපාංග මිලදී ගන්නවා. ඒත් සමග කඩා වැටුණු අපේ ව්‍යාපර නැවත දියුණු වෙන්න අඩිතාලම වැටුණා. ඕක තමයි මේ දිනවල බිස්නස්වල තත්වය.
ශෂිකා අබේරත්න
ඡායාරූප: ඉසුරු පෙරේරා
2025 ඔක්තෝබර් මස 08
1891
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1516
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගිය අවුරුදුවලට වඩා බිස්නස් වර්ධනය වෙලා