IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


සමාගම් විසි හයක කොටස් මිල ඉහළම අගයට

මෙතෙක් කොළඹ කොටස් වෙළෙඳාමට වැඩි බලපෑමක් දක්වන ලද ක්ෂේත්‍ර ඉක්මවමින් මෝටර් රථවාහන, ප්‍රවාහන, හා වාණිජ සේවා යන අංශවල කොටස් මිල දී ගැනීමේ උනන්දුවක් ඇති වී තිබේ. බලශක්ති, අමුද්‍රව්‍ය, ප්‍රාග්ධන භාණ්ඩ, සෞඛ්‍ය, මුල්‍ය හා විදුලි සංදේශ සේවා යන අංශවල ප්‍රසාරණය සීමා වී තිබේ. මෙම සතිය තුළ දක්නට ලැබුණ මෙම ප්‍රවණතා හේතු කොටගෙන ඊයේ දිනයේ (ජූලි 29) පවා සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යෑමක් සිදුවූ නමුත් විශේෂිත සමාගම් විස්සක තොරතරු දක්වන එස්. ඇන් පී.එස්.එල්. 20 දර්ශකය සුළු පහත වැටීමක් වාර්තා කළේය.
සමාගම් විසි හයක කොටස් මිල සති පනස් දෙකක් තුළ ඉහළම මිලට ළඟා වී තිබේ. පිරිහීම පෙන්වන සමාගම් ගණන එකකට සීමා වී ඇත. මෙම ප්‍රවණතා අනුව වෙළෙඳපොළ වර්ධනයක් සඳහා තවත් වටයකින් ඉල්ලුම ඉහළ යා යුතු බව නිරීක්ෂණය කළ හැකිය. ඉදිරි දින කිහිපය තුළ වෙළෙඳපොළ උච්ඡාවචනය වනු ඇති අතර එහි දී ඇතැම් සමාගම්වල කොටස් ඉහළ මිල ගණන්වලින් අඩුවැඩිවීමේ අවස්ථා ඇති වේ. ආයෝජනයේ දී උපායශීලී විය යුතුව ඇත.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,532.20 ක් දක්වා වර්ධනය විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 14.34 ක දියුණුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,752.46 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 22.05 ක පහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රුපියල් බිලියන 7.59 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 35,264 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 221.2 ක් විය. සමාගම් 146 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 93 කි. ජෝන් කීල්ස් රුපියල් මිලියන 464 ක්, හැටන් නැෂනල් නිෂ්ඡන්ද රුපියල් මිලියන 194 ක්, සියෙරා රුපියල් මිලියන 176 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රුපියල් මිලියන 158 ක් ආදී පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
කීල්ස් ෆුඩ් කොටසකට ශත තිස් හතක්, කෝල්ඩ් ස්ටෝස් කොටසකට ශත අනූ නමයක් වශයෙන් ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත. දිනයේ පෙර භාගයේ දී වෙළෙඳපොළ දර්ශක තියුණු පසුබෑමකට ලක් වූ නමුත් ගනුදෙනු අවසන්වන අතරවාරයේ ආවරණයවීමක් නිරීක්ෂණය කළ හැකි වූ බව සඳහන් කළ යුතුය. 

නිරීක්ෂක



අදහස් (0)

සමාගම් විසි හයක කොටස් මිල ඉහළම අගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17120 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site