IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


රුපියල් 15ටත් දෙන්න බැරි බදුල්ලේ තක්කාලි

  • වගාවට වැයකළ මුදලවත් සොයාගත නොහැකි තත්වයක්
  • රජය ඉදිරිපත්වෙලා සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළොත් බදුල්ලේ එළවළු වගාව නැතිවේව්

බදුල්ලේ පාලිත ආරියවංශ 


තක්කාලි මිල කිලෝව රුපියල් 15 ටත් අඩුවෙන් පැවතීම නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. ඌව පරණගම, වැලිමඩ, ඇල්ල, කුඹල්වෙල, උඩුකුඹල්වෙල, හල්පේ, හෙලහල්පෙ, ඇටම්පිටිය, නෙළුව, හාලිඇල, බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශවල මේ දිනවල තක්කාලි අස්වනු නෙළන්නේ නැතිව ගස්යට කුණුවීමට ඉඩ සලසා ඇත්තේ අස්වනු නෙළන්න ගියොත් ඒ සඳහා වැය වන මුදලවත් නොලැබෙන නිසා යැයි ගොවීහු පවසති.

පසුගිය කාලයේ තක්කාලි මිල ඉහළ ගිය නිසා තක්කාලි වගාවට යෙමුවූ නමුත් මෙවර මිල පහළ යාම නිසා වගාවට වැයකළ මුදලක් සොයාගත නොහැකිව අසරණව සිටින බවද ඔව්හු කියති. මේ ඔවුන්ගේ මැසිවිලිය.

ඊ. එම්. කිරිබණ්ඩා : පසුගිය කාලයේ තක්කාලි මිල ඉහළ ගිය නිසා මෙවර තක්කාලි වගාව කළා. අස්වනු නෙළන කාලයට මිල බැහැගෙන ගියා. අන්තිමට කිලෝව රුපියල් 15 ට වත් දීගන්න බැරිවුණා. බණ්ඩාරවෙල අරන්ගිය තක්කාලි විසිකරලා ආවා.

වගාවට වියදම් කළ මුදලවත් සොයාගන්න බැරිව මෙහෙම වගා කරල වැඩක් නැහැ. රජය ඉදිරිපත්වෙලා සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළොත් අනාගතේ බදුල්ල දිස්ත්‍රික්කයේ එළවළු වගාව නැතිවේව්.

රම්‍යා කුමාරි : බෙහෙත් පොහොර යනාදියටත් විශාල මුදල් වැය වුණා. තක්කාලි කඩල බණ්ඩාරවෙල ටවුමට ගෙනියන්න රුපියල් 1500 ක් ගන්නවා. තක්කාල් කඩන්න දෙන කුලී බැලු‍වම දැන් තක්කාලි කඩල වෙළෙඳපොළට රැගෙනයාම පාඩුයි.

අතින් පාඩුවිඳගෙන තක්කාලි ගස්වලට කුණුවෙන්න දීලා බලාගෙන ඉන්නවා. මොනව කරන්නද කියලා හිතාගන්න බැහැ.

එච්. එම්. චන්ද්‍රලතා : හැමදාම අපි තක්කාලි වගාව කරනවා. මේපාර තමයි මේ විදියට මිල පහළටම බැස්සේ. තක්කාලි විකුණගන්න බැහැ ගස්වල කුණුවෙලා වැටෙනවා. දැන්නම් වගාවත් එපා වෙලා තියෙන්නේ. ඉදිරියටවත් අපේ අස්වනුවලට සාධාරණ මිලක් ලබාදිය හැකි වැඩපිළිවළක් සකස්කරන්න කියල අපි වගකිවයුතු අංශ වලින් ඉල්ලනවා. 

ආර්. එම්. තිලකරත්න: මේ සැරේ මිල හොඳටම බැස්සා. කි‍ලෝව රුපියල් 15 ටවත් විකුණගන්න බැරිව අසරණවෙලා ඉන්නේ. සමහරු තක්කාලි නිකන් කඩාගන්න දීලා මුළු තක්කාලිකොටුවම ගලවලා දැම්මා.

ඌව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (බදුල්ල) එච්.එම්.එච්.උදයංගනී මහත්මිය මෙසේ පැවසුවාය.

ඇත්තටම මේ දවස්වල තක්කාලි අස්වනු වැඩිවීම නිසා මිල මේ ලෙස පහත බැස්සා. පසුගිය දවස්වල තිබුණ තක්කාලිවලට හිතකර කාලගුණ තත්වය නිසා තමයි රෝග අඩුවෙලා අස්වනු වැඩිවුණේ. අනෙක් කාරණය තමයි අතුරු නිෂ්පාදන කළහැකි තක්කාලි වර්ග වගා නොකිරීම. කෙහොම නමුත් මේ ගොවීන්ගේ අස්වනු මිලදී ගැනීමේ වැඩ පිළිවෙළක් ඉදිරියේ දී හෝ ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. ඒ පිළිබඳව සැලසුම් කරගෙන යනවා.



අදහස් (0)

රුපියල් 15ටත් දෙන්න බැරි බදුල්ලේ තක්කාලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1891 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1516 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site