ආර්ථිකයට අදටත් ගැලපෙන පිලිප්ගේ යෝජනා ශ්‍රී ලංකාවේ මාක්ස්වාදයේ පියා යන ගෞරව නාමයෙන් හඳුන්වන දේශපාලනඥයෙකි පිලිප් ගුණවර්ධන. සිය වසකට පමණ පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රයේ පිලිප් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් ස්ථාපිත කරනු ලැබූ මාක්ස්වාදී මතවාදයන් ආර්ථික හා දේශපාලන මතවාද, වර්තමාන ජාජබ ආණ්ඩුව උකහාගෙන තිබුණද, රජය නියෝජනය කරන කිසිදු අයකු ඔහුගේ ගුණානුස්මරණ උත්සවයට සහභාගී නොවීම අමුත්තකි. 27 June 2025
නව පරපුරේ මූලික අදියරේ ව්‍යාපාර දීප්තිමත් කිරීමට NIBM’s Neo Ventures ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතියට බලවත් ප්රවර්ධනයක් ලබා දෙමින්, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM) විසින් බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි Neo Ventures ආරම්භක දැනුවත් කිරීමේ වැඩසටහන ජුනි 19 වැනි දින සාර්ථකව පවත්වනු ලැබීය. 27 June 2025
සෙලාන් හරසර ගිණුමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්රතිලාභ රැසක් සෙලාන් බැංකුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සුවිශේෂී මූල්‍ය විසඳුමක් වන සෙලාන් හරසර’ ගිණුම, ආසිරි රෝහල් හා රසායනාගාර, Vison Care සහ විජිත යාපා පොත්හල් සමඟ ඇති කර ගත් ඩෙබිට් කාඩ්පත් හවුල්කාරීත්වය ඔස්සේ තම ගනුදෙනුකරුවන්ගේ වෛද්‍ය සේවා අවශ්‍යතා සහ ජීවිතයේ වෙනත් විවිධ අවශ්‍යතා සඳහා වැදගත් වන වට්ටම් එකතුවක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හඳුන්වා දී ඇති වඩාත්ම පරිපූර්ණ මූල්‍ය සේවාවලින් එකක් වනිසෙලාන් හරසර’ ගිණුම, 27 June 2025
කොමර්ෂල් බැංකුව සහ සෙනොක් වෙතින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණවලට විශේෂ ලීසිං දීමනා ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ උපකරණ ක්ෂේත්රයේ ගෝලීය සන්නාම නියෝජනය කරන සෙනොක් ට්‍රේඩ් කම්බයින් (පෞද්ගලික) සමාගම කොමර්ෂල් බැංකුව සමග සහයෝගීතාවෙන් ඉදිකිරීම් අංශයේ සමාගම්වලට නව උපකරණ ලබා ගැනීම සඳහා දැරිය හැකි ලීසිං පහසුකම් ලබා දී ඇත. 27 June 2025
Ruu Ceylon Marketing සමාගමට People’s Excellency සම්මාන ද්විත්වයක් රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන Ruu Ceylon Marketing පෞද්ගලික සමාගම People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ ව්‍යාපාර නායකයා (නිෂ්පාදන අංශය) සහ නිෂ්පාදන විශිෂ්ටතා (රූපලාවණ්‍ය නිෂ්පාදන) යන සම්මාන දිනා ගත්තේය. 2021දී ඇරැඹුණු Ruu Ceylon සමාගම ස්වාභාවික සහ ශාකසාර අමුද්‍රව්‍ය යොදා ගනිමින් උසස් තත්වයේ රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් නිපදවයි. 27 June 2025
මීගමුව සාන්ත පීතර මධ්‍ය මහා විද්‍යාල වාණිජ විද්‍යා දිනයදා මීගමුව සාන්ත පීතර මධ්‍ය මහා විද්‍යාලයේ වාණිජ විද්‍යා දිනය උත්කර්ෂවත් ලෙස පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි. 27 June 2025
වී වගාවට නම් දැරූ අනුරාධපුරයේ රබර් වගාව දහසින් වැව් බැදි අනුරාධපුරය කෘෂිකර්මාන්තය සඳහා නම්දැරූ මෙරට ප්‍රමුඛතම දිස්ත්‍රික්කයකි. වී සමග උදු, සෝයා, බඩඉරිඟු, කෙසෙල් ආදි බෝග වගා සඳහා එහි වැඩි බිම් ප්‍රමාණයක් වෙන්වී තිබේ. එයින්ද අක්කර දසදහස් ගණනක් වී වගාව සදහා වෙන්වන විට පහත රට එළවළු වගාව ද සාර්ථකව සිදුකෙරේ. 27 June 2025
ඩේවිඩි පීරිස් මෝටර් නව බජාජ් ත්‍රිරෝද රථ අලෙවි නියෝජිත ඇඹිලිපිටියේ වාහන අපනයනයට පනවා තිබූ වසර පහක විරාමය නිමා කරමින් වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීමත් සමග ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් තම නවතම බජාජ් ත්‍රිරෝද රථ අලෙවි නියෝජිත ආයතනය පසුගියදා ඇඹිලිපිටියේදී විවෘත කළේය. 27 June 2025
කොටස් වෙළඳපොළ ක්ෂණික වර්ධනයක් ආර්ථිකයේ වත්මන් ප්රවණතා සහ ඉදිරි සැලසුම් අනාවරණය කරන විශේෂ ප්‍රකාශයක් ජනාධිපති අනුර දිසානායක මහතා ලබන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අනාවරණය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට පත් දැනට රට තුළ කරගෙන යන ක්‍රියාමාර්ග ඉදිරියේ දී වේගවත් කරන පිළිවෙළ අනාවරණය කරනු ඇතැයි ආයෝජකයන් විශ්වාස කරන බව පෙනේ. 27 June 2025
2030 වනවිට ඩිජිටල් ගනුදෙනු ඩො.බි 15ක් කිරීමේ ඉලක්කයක් වර්තාමානයේ ශ්‍රී ලංකාවේ සංසරණය වන රුපියල් ට්‍රිලියන 1.3 ක මුදල් ප්‍රමාණයෙන් තුනෙන් එකක් එසේත් නැතිනම් සියයට 35 ක් ඩිජිටල් ගෙවීම්වලට අනුගත වීමෙන් ඉතිරි කරගත හැකි වුවහොත් මෙරට මූල්‍ය පද්ධතියට එකතුවන එම මුදල නැවතත් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයට ණය ලෙස ලබාදිය හැකි බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඊයේ (25) ප්‍රකාශ කළේය. 26 June 2025
මැයි මාසයේ තේ අපනයනය කිලෝ මිලියන 21.87ක් මේ වසරේ මැයි මාසයේදී සිදු කළ තේ අපනයනය තේ කිලෝග්‍රෑම් මිලියන 21.87ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 වසරේ මැයි මාසයේදී සිදුකළ තේ කිලෝග්‍රෑම් මිලියන 19.45 හා සැසඳීමේදී කිලෝග්‍රෑම් මිලියන 2.42ක ඉහළ යාමකි. 26 June 2025
ජය බහලු පර්යන්තයේ ගල් අතුරා තාර දැමීමේ කොන්ත්‍රාත්තුව Maga සමාගමට කොළඹ වරායේ ජය බහලු පර්යන්ත V අංගනයට ගල් අතුරා තාර දැමීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 June 2025
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා වන යෝජිත සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 June 2025
සංචාරක පැමිණීම් ලක්ෂ 11 පසුකරයි මෙම වසර ආරම්භයේ සිට පසුගිය 18 වැනිදා දක්වා සංචාරකයන් 1,123,289 ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 26 June 2025
රාජ්‍ය ප්‍රසම්පාදනයට නව නීති කෙටුම්පත් රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 June 2025
අපනයන කෘෂි බෝග 14 ක් ප්‍රවර්ධනයට වැඩසටහනක් අපනයන කෘෂි බෝග නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 June 2025
සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට ජාතික සංචාරක කවුන්සිලයක් මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනය අරමුණු කරගනිමින් ජාතික සංචාරක කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව නියෝජ්‍ය සංචාරක අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. පසුගියදා ඩේලිඑෆ්ටී පුවත්පත වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. 26 June 2025
බිස්නස් ගැන නම් කතා කරලා වැඩක් නැහැ සෑම පාරිභෝගිකයෙක්ම සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම හා සමානව සිය රුචිකත්වය සපුරාගැනීම වෙනුවෙන් සිය මුදල් යෙදවීමට උත්සුක වෙති. එහෙත් වර්තමානයේ පවතින ආර්ථික පීඩනයත් සමඟ පාරිභෝගිකයන් සිය මූලික අවශ්‍යතා පවා සපුරා ගන්නේ ඉතා අමාරුවෙනි. 26 June 2025
දුෂණය තුරන් කිරීම පමණක් ප්‍රමාණවත්ද ? ශ්‍රී ලංකාවේ සංවර්ධනය එක්තරා සන්ධිස්ථානයකට ළඟා වී තිබේ. පසුගිය කාලයේ ආර්ථික පසුබෑම සැලකිය යුතු පීඩනයක් ඇති කරන ලද අතර අද වනවිට තාවකාලික ස්ථාවරභාවයක් ලබාගෙන ඇත. 26 June 2025
මහජන බැංකුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුකම් රැසක් ලෝක ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ දිනය ජුනි මස 27 දිනට යෙදී තිබේ. එය නිමිති කරගනිමින් මහජන බැංකුව, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්රයේ සහ ව්‍යවසායකයන්ගේ වර්ධනය වෙනුවෙන් සිදුකරන කාර්යභාරය හා ඉදිරි අරමුණු පිළිබඳ මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) චමින්ද ඉහළකෝරාළ මහතා සහ ප්‍රධාන කළමනාකාරිනි (සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) චමරි පෙරේරා මහත්මිය සමග කළ සාකච්ඡාවකි මේ. 26 June 2025
2025 Nestleé Golden Chefs’ Hat තරගාවලියේදී ලංකාවේ විශිෂ්ට සූප ශාස්ත්‍ර හැකියාව ප්‍රදර්ශනය කරයි ලංකා සූපවේදීන්ගේ සංසදය සමග එක් වෙමින් Nestleé Professional Sri Lanka විසින් Nestleé Golden Chefs’ Hat තරඟාවලිය පසුගියදා සාර්ථකව පවත්වන ලදී. මෙරට හෝටල් ක්ෂේත්රයේ වර්ධනය වෙමින් පවතින සූප ශාස්ත්‍ර හැකියාව තව දුරටත් ඉහළ නැංවීම එම තරගාවලියේ අරමුණ විය. 26 June 2025
Uber Eats වෙතින් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ඩිප්ලෝමාධාරීන් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ ආහාරපාන සහ එදිනෙදා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීම සඳහා භාවිත කළ හැකි ප්‍රමුඛතම යෙදුමක් වන Uber Eats මෙරට වෙළෙඳුන් වෙනුවෙන් ව්‍යාපාරකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. 26 June 2025
CBC ෆිනෑන්ස් - TVS ලංකා අතර අවබෝධතා ගිවිසුමක් කොමර්ෂල් බැංකුවට පුර්ණ අනුබද්ධිත එකම මුල්‍ය ආයනය වන CBC ෆිනෑන්ස් ආයතනය හා ත්‍රී රෝද රථ, මෝටර් සයිකල් සඳහා දිවයිනේ ප්‍රමුඛතම නාමයක් වන TVS ලංකා (පුද්) සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කළේය. 26 June 2025
වසරේ විශිෂ්ටම පාරිභෝගික හා පසු විකුණුම් සේවා සපයන්නා Myitem.lk මෙරට පරිගණක සහ ඒ ආශ්රිත නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන Myitem.lk BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පාරිභෝගික හා පසු විකුණුම් සේවා සපයන්නා ලෙස BWIO සම්මාන දිනුවේය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්යක්ෂ ටී.ඒ. ඉෂාන් රවීන්ද්‍ර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 26 June 2025
කෙසෙල් අස්වැන්නට අත්වන ඉරණම අනුරාධපුරයේ, රාජාංගනය, තඹුත්තේගම, එප්පාවල, තලාව, ගල්නෑව ආදි ප්‍රදේශ ආශ්‍රිතව මේ වන විට සියලුම කෙසෙල් වර්ගවල තොග සහ සිල්ලර මිල දැඩි ලෙස පහළ ගොස් තිබේ. ඉකුත් මහ වැස්සත් සමග මේ තත්වය තවදුරටත් වර්ධනය වු බව ගොවීහු පවසති. 26 June 2025
දින තුනකදී දර්ශක අටසියයකින් සියලු කොටස් මිල ඉහළට කොළඹ කොටස් වෙළෙඳාම තුළ නැවත වාරයක් මෑතකාලයේ ඉහළම අගය දක්වා සියලු කොටස් මිල දර්ශකය පැමිණ ඇති අතර දින තුනක් තුළ නැවත වාරයකින් දර්ශක අට සියයකින් පමණ ජවයක් ගැනීම විශේෂිත සිද්ධියකි. 26 June 2025
ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 8.4ක් මෙරට රාජ්‍ය ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය 2024/25 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 8.4 ක පාඩුවක් ලබා ඇතැයි මුදල් අමාත්‍යංශයේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. කෙසේ නමුත් පිරිවැය අඩුවීමත්, ලැබූ ආදායම අඩුවීමත් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය 2023/24 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 3.87 ක ලාබයක් ලබා තිබිණි. 25 June 2025
ලංකාවේ පරිගණක හිමිකාරිත්වය සියයට 1කින් පහළට මෙරට නිවාස අතරින් සියයට 19.5ක් සතුව ඩෙස්ක්ටොප් පරිගණයක් හෝ ලැප්ටොප් පරිගණකයක් පවතින බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 25 June 2025
වැටුණු කොටස් වෙළෙඳපොළ යළි නැගිටී කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් ඊයේ (24) දිනයේදී යළිත් ඉහළ නැගීමක් වාර්තා කළේය. පසුගිය ජූනි 20 වැනිදාට පසුව දර්ශක අගයන් ඉහළ ගිය පළමු අවස්ථාව මෙය විය. 25 June 2025
සක්‍රීය ණය කාඩ්පත් 16,812 කින් ඉහළට පහළ යන පොලී අනුපාත හා ආර්ථිකය ධනාත්මක මාවතකට පැමිණීමෙන් පසුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 25 June 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026