බුලත්සිංහල ලක්මි කුඩලිගම
බලධාරින් දැනුම්වත් කළත් ගැටලු කීපයකට විසඳුමක් නොමැති කමින් තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතැම් ප්‍රදේශවල පදිංචි සත්ව පාලනය සිය ජීවනොපාය කරගත් ගොවීහු පවසති.
ඒ අනුව අපට හමුවූ එළුවන් ඇතිකිරීමේ රැකියාවේ නිරතවන බුලත්සිංහල මෝල්කාව පදිංචි ජී. සුගත් මෙසේ පැවසීය.
මම මේ රැකියාව දෛනිකව කරනවා. මේ රැකියාව ආරම්භ කළේ මගේ බිරිඳට තිබූ රුපියල් 250ක සමෘද්ධි සහනාධාරය හරහා සමෘද්ධි බැංකුව මගින් ණය මුදලක් අරගෙනයි. එයින් මිලදී ගත් එළුවන් තිදෙනකුගෙන් මේ ව්‍යාපාර ආරම්භ කළා. අද වන විට මගේ ගොවිපොළේ යමුනාපාලි සහ යමුනා පාලි බෝයර් යන උසස් වර්ගවලට අයත් එළුවන් 30 කට ආසන්න ගණන සිටිනවා. ඒ වගේ පැටවුන් බිහි කිරීමට ආසන්න එළු වැස්සියන් පිරිසකුත් ඉන්නවා. අපි ගැටලු රැසක් මැද මේ රැකියාව කරනවා.
අපි දැනට එළු කිරි සහ කාබනික එළු පොහොර නිෂ්පාදනය කරනවා. දිනකට කිරිබෝතල් 10ක් පමණ ලබාගෙන ඇණවුම් අනුව අලෙවි කරනවා. ඒ අතරට එළුවන්ගේ අසූචි මගින් කාබනික පොහොර නිෂ්පාදනය කරනවා. තේ, පොල්, කුරුඳු සහ එළවළු වගාවේ යෙදෙන අවට ප්‍රදේශවල ගොවි මහතුන්ට සාධාරණ සහන මිලකට ගැනුම්කරුවන්ගේ ඉල්ලීමට අනුව පොහොර ලබා දෙනවා. ඒ අතරට මමත් බිරිදත් එකතුවී අපි නිපදවන කාබනික එළු පෙහොර යොදා මගේ ගෙවත්තෙ අපට තිබෙන සීමිත බිම් ප්‍රමාණයක වම්බටු, මෑ, බණ්ඩක්කා ඇතුළු එළවළු වර්ග සහ අන්නාසි, පේර ඇතුළු පලතුරු වර්ග රැසක් වගා කරනවා. එලෙස වගා කළ එළවළු පලතුරු ගෙදර කෑමට අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඉතිරිය කිරි අලෙවියට යන අතරතුර ඉතා සාධාරණ සහන මිලට ගමේ අයට අලෙවි කරනවා.
එහෙත් මට තියෙන ලොකුම ගැටලුව තමයි, කාබනික එළු පොහොර හදන්න එළුවන්ගෙන් ලබා ගන්නා අසූචි කැට කුඩු කර අඹරන යන්ත්‍රයක් නෑ, දැනට සමතලා බිමක කියලා ලීයක ආධාරයෙන් තමයි කැට වශයෙන් ලැබෙන එළුවන්ගේ අසූචි අඹරන්නේ, ඒක හරිම අමාරු කාර්යක්. මම ඉන්න ප්‍රදේශය තරමක කන්දක් නිසා මේ ප්‍රදේශයේ ජලය නෑ. ඒ නිසා ජලනළ විස්සක් පමණ යොදා කන්ද උඩට ජලය ලබාගන්න ඕන. ඒ සඳහා දැනට තිබෙන වතුර මෝටරයත් ප්‍රමාණවත් නෑ. ඒ වගේම අඩි හතක් උඩ අඩි හතළිහකට ආසන්න දිගින් යුත් එළුවන්ගේ කූඩුව දිනපතා ජලයෙන් පිරිසුදු කරන්න ඕන. සත්තු නාවන්න ඕන. දැනට කූඩුවේ වහළට යොදා ඇති තහඩු 25 ක් පමණ දිරලා. මම රජයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ගොවියකු නිසා එළුවන්ට අවශ්‍ය බේත්හේත් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවෙන් නොමිලේ ලැබෙනවා. එළුවන් සඳහා දිනපතා කොළ අතු කිලෝ 500කට ආසන්න ප්‍රමාණයක් දෙන්න ඕනා. ඒ අතරට දින දෙකකට වරක් කැටල්ෆීට් කිලෝ 25ක් දෙන්න ඕනා. ඒ සඳහා පමණක් දින දෙකකට රුපියල් පන්දාහක වියදමක් යනවා, ලොකු කැපවීමක් කරන්නත් වෙනවා මගුල් ගෙදරට, මලගෙදරට යන්න වෙලාවක් මේ රැකියාවේ නැහැ. සතුන් කවදාවත් කිසිම හේතුවකට කූඩුවෙන් එළියට ගන්නේ නෑ. එහෙම කළොත් ඔවුනට ලෙඩ රෝග බෝවෙනවා. ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවෙන් ලැබෙන උපදෙස් අනුවයි කටයුතු කරන්නේ. ඒ නිසාම එළුවන්ගේ කිරි විකුණා ගන්න මුදල් වෙනත් වැඩවලට යොදන්නේ නෑ. සතුන් වෙනුවෙන්ම වියදම් කරනවා. මට තිබෙන මේ ගැටලු කිපය පිළිබඳව බලධාරින්ගේ අවධානය යොමු වෙනවා නම් කිරි නිෂ්පාදනය වගේම කාබනික පොහොර නිෂ්පාදනයද ඉහළ මට්ටමින් කරන්න පුළුවන්. එහෙම වුණොත් නියම කරන මිලකට පොහොර තොග වශයෙන් සපයන්නත් ලේසියෙන් පුළුවන්.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
බුලත්සිංහල මෝල්කාවේ සත්ව පාලනයේ ගැටලු