සම්පත් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සංජය ඩයස් ගුණවර්ධන මහතා ඊයේ (24) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කරගත් බව එම බැංකුව පවසයි. මෙතෙක් කලක් එම ධුරය හෙබවූ අයෝධ්‍යා ඉද්දවෙල මහත්මිය පෙරේදා (23) දිනයේ සිට සිය ධුරයෙන් විශ්‍රාම යෑමත් සමගින්ම මෙම නව පත් කිරීම කර තිබේ.
බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන සංජය ගුණවර්ධන මහතා වසර 35කට ආසන්න කාලයක් සම්පත් බැංකුවේ සේවය කර තිබේ. මෙම පත් වීම ලබන අවස්ථාව වන විට ඒ මහතා සම්පත් බැංකුවේ ප්‍රධාන ක්‍රමෝපායික නිලධාරී (ජ්‍යෙෂ්ට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි) වරයා ලෙස කටයුතු කළේය. ඊට පෙර ඒ මහතා බැංකුවේ ක්‍රමෝපායික සැලසුම්, සිල්ලර බැංකුකරණ සහ තොරතුරු තාක්ෂණ යන අංශ තුළ ඉහළ තනතුරු හොබවා තිබේ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සම්පත් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂ සංජය ගුණවර්ධන