HUTCH සහ SLIIT ආයතනය එකතුවෙන් විශේෂ අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකතන සේවා ජාලයක් වන SLIIT එහි Future Connect වැඩසටහන හරහා SLIIT සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. 21 April 2025
සන්රස ඉන්ටර්නැෂනල් සමාගමට ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන මෙරට ප්රමුඛ පෙළේ රස කැවිලි සහ කෙටි ආහාර නිෂ්පාදන සමාගමක් වන සන්රස ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජූරියේ කුසලතා සම්මානය (විශේෂ සම්මාන - කුඩා පරිමාණ) දිනා ගත්තේය. 21 April 2025
රටට ඩොලර් උපද්දන තැඹිලි කර්මාන්තය රටක් දියුණු වන්නේ අලුතින් සිතන මිනිසුන් නිසාය. සෑම ක්ෂේත්රයකටම එය පොදුය. රටේ කෘෂිකර්මාන්තය, වාණිජ අංශය, කර්මාන්ත අංශයවැනි කාරණාවලට ද මෙය අදාළය. 21 April 2025
රම්බොඩ බ්ලූෆීල්ඩ් තේ බහරේන් ප්‍රදර්ශනයේදී බහරේන් මනමාහීදී පැවැති 2025 උද්‍යාන ප්‍රදර්ශනයක් සඳහා සහභාගී වීමට කොත්මලේ රම්බොඩ බ්ලූ ෆීල්ඩ් තේ කර්මාන්ත ශාලාවට පසුගියදා අවස්ථාව උදාවිය. ඒ බහරේන් රැජිණගේ විශේෂ ආරාධනාවකට අනුවය. 21 April 2025
මේ සතියේ ගනුදෙනු සක්‍රීය විය හැකි ලකුණු ඉකුත් බ්‍රහස්පතින්දා (අප්‍රි 16) කොළඹ කොටස් වෙළෙඳ පොළ සුළු පහතවැටීමක පැවැති අතර අද ගනුදෙනුවල දී ස්ථාවර වර්ධනයක් කරා ගමන් කළ හැකි බව පෙන්නුම් කරයි. 21 April 2025
රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු වෙත යොමුවිය යුතුව ඇති බවත් ලංකා පේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පවසයි. 11 April 2025
සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමය දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ මෙම තීරණයෙන් ආයෝජකයන්ගේ විශ්වාසයට තර්ජනයක් එල්ල වන බවත් ඉන් පුනර්ජනනීය බලශක්ති අභිලාෂ අඩපණ කරන බවත් එම සංගමය පැවැසුවේය. 11 April 2025
මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 303.26 ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල රුපියල් 294.13 ක් ලෙස සටහන් විය. 11 April 2025
වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ බව පවසයි. 11 April 2025
ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව පවසයි. 11 April 2025
ව්‍යාපාර විශ්වාස පහළ ගිහින් ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි. 11 April 2025
ඇමෙරිකානු තීරුබදු පිළිබඳව ප්‍රමුඛතම අපනයනකරුවෝ - BOI සාකච්ඡාවක ඇමෙරිකාව මෙරටින් කරන ආනයන සඳහා පැනවූ තීරු බදු සම්බන්ධයෙන් ලබා දී ඇති දින 90ක විරාමයෙන් අනතුරුව මෙරට අපනයන කර්මාන්තය සුරක්ෂිත කිරීම සදහා විකල්ප සෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙරට අපනයනකරුවන් සමගින් ඊයේ සාකච්ඡාවක් පැවැත් වූ බව පවසයි. 11 April 2025
අප්‍රේල් මුල් දින 6ට සංචාරකයෝ 38,615 ක් අප්‍රේල් මාසයේ ගතවූ දින 6 තුළ මෙරටට සංචාරකයන් 38,615 ක් මෙරටට පැමිණ ඇති බවත් ඒ අනුව මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට පසුගිය 6 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළ සංචාරකයන් 760.891 ක් මෙරටට පැමිණ ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. 11 April 2025
සයිබර් ප්‍රහාර වලට එරෙහි පුළුල් වැඩපිළිවෙලක් සයිබර් ප්‍රහාර මෑතකාලීනව අසන්නට ලැබෙන මාතෘකාවකි. ලෝකය පුරා විවිධ ආයතන ඉලක්ක කරමින් මෙලෙස සයිබර් ප්‍රහාර එල්ලවනු දක්නට පුළුවන. 11 April 2025
යුරෝපා කොමිසමේ ජී.එස්.පී. මුස්ඨි ප්‍රහාරය ජී.එස්.පී. ප්ලස් නැවත ලබාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබේ. තෝරාගත් රටවල් අටක් ඔවුන්ගේ නිෂ්පාදන යුරෝපා සංවිධානයට අයත් රටවලට අපනයනය කිරීමේ දී විශේෂ බදු සහනයක් සැපයේ. 11 April 2025
‘මිට්සුබිෂි’ සමුද්‍ර එන්ජින් ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ‘හේලීස් පවර්’ ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විවිධාංගිකරණය වූ සමාගම වන හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ‘හේලීස් පවර්‘ සමාගම සහ ලොව ප්රමුඛ පෙළේ ජපන් බහුජාතික සමාගමක් වන ‘මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස්‘ අතර හවුල්කාරිත්වයක් පසුගිය දා ආරම්භ කළේය. මෙම හවුල්කාරිත්වය ඔස්සේ, ‘මිට්සුබිෂි‘ සමුද්‍ර එන්ජින් සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා බවට ‘හේලීස් පවර්‘ සමාගම පත්විය. 11 April 2025
කොමර්ෂල් බැංකුවෙන් වාහන ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් වසර කිහිපයකට පසුව අලුත් වාහන මෙරටට පැමිණීමත් සමග කොමර්ෂල් බැංකුව විසින් වාහන ගැනුම්කරුවන්ගේ අපේක්ෂා සඵල කරමින් සීමිත කාලයක් සඳහා ආකර්ෂණීය ලීසිං පැකේජයක් හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත. 11 April 2025
මහජන බැංකුවේ ‘People’s Remittance කලින් අවුරුදු වාසි දිනුම් ජයග්‍රාහකයන් තෝරයි මහජන බැංකුවේ ‘People’s Remittanc - කලින් අවුරුදු වාසි’ තෑගි තරගයේ දිනුම් ඇදීම කොළඹ 10, මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශ පරිශ්‍රයේදි පසුගියදා සිදුකෙරිණි. ඒ අනුව මෙහිදි රු.25,000/- බැගින් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත තෑගි මලු 25ක් හිමිවන ජයග්‍රාහකයන් 25 දෙනා තෝරාගැනිණි. 11 April 2025
රෝයල් නර්සින් හෝම් සමාගමට ප්ලැටිනම් සම්මාන වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්රයේ කීර්තිමත් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International සංවිධානය කළ BWIO සම්මාන ප්රදානෝත්සවයේදී සෞඛ්‍ය හා ඒ ආශ්රිත සේවා අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. 11 April 2025
අවුරුද්දට පමුණුවේ වෙළෙඳාම සරුද? මේ සිංහල හින්දු අලුත් අවුරුදු මාසයයි. සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ලොකු කුඩා දුප්පත් පොහොසත් බේදයකින් තොරව අලුත් අවුරුදු සමයට රෙදි පිළිගැනීම සඳහා කොයි කවුරුත් සාප්පු සවාරි යෑම මේ දිනවල ඉතා සුලභ සිද්ධියකි. 11 April 2025
අර්බුද රැසකර මැදිවූ වටාපත් කර්මාන්තය වනිතා දෑතින් නිමාවන වටාපත් කර්මාන්තයෙහි තොරතුරු සොයා අපි පසුගිය දිනක ඓතිහාසික දඹදෙණිය රාජධානියේ ගලතරය ගම්මානයට ගියෙමු. කඳු සහිත බිමක පිහිටි ගලතරය ගම්මාන වැසියෝ එදා රජ දවස සිට පරම්පරා ගණනාවක් වටාපත් හා තල කොළ ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයේ නිරත වුවෝය. 11 April 2025
BYD ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කරයි ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ නවතම ප්‍රදර්ශනාගාරය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල, නුගදූව පිවිසුම අසලදී පසුගියදා විවෘත කළේය. 11 April 2025
ඇමරිකානු බදු තාවකාලිකව නතර කිරීම වෙළඳ පොළ වර්ධනය ඇති කරයි යුරෝපා හා ආසියානු කොටස් වෙළෙදපොළ දර්ශක ඉකුත් පැය හතළිස් අට තුළ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය. කොළඹ කොටස් වෙළෙදපොළ ද ඉකුත් දින කිහිපය තුළ සිදු වූ බරපතළ කඩාවැටීම ඊයේ (10) වන විට ආවරණය කරගෙන තිබේ. 11 April 2025
අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක් මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ. 10 April 2025
ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සියයට 3.4 ක මධ්‍යස්ථ වර්ධන වේගයක් ළඟා කරගනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර ඇත. 10 April 2025
පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (09) ප්‍රකාශ කළේය. එම සහන කාලය පසුගිය 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබිණ. 10 April 2025
සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක් සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. 10 April 2025
හේලීස් DIMO හි සියයට 10.83ක කොටස් මිලට ගනී කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක් මිලදී ගත් බව පවසයි. පසුගිය අප්‍රේල් 07 සහ 08 දෙදින තුළදී මෙම මිලදී ගැනීම් සිදුව තිබේ. 10 April 2025
CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක් මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම සඳහා රුපියල් බිලියන 4ක ආයෝජනයක් කිරීමට සූදානමින් සිටින බව පවසයි. 10 April 2025
කොහු කර්මාන්තයේ නරක කලදසාව දේශීය කර්මාන්තයක්ව පැවති වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා විසිරී තිබූ කොහු මෝල් වලින් විශාල ප්‍රමාණයක් මේ වන විට වැසී ගොස් ඇති බව එම කර්මාන්තයේ නියැළෙන්නෝ පවසති. 10 April 2025
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026