නිමල කොඩිතුවක්කු
බයිෆෙසික් අයිසොෆෙන් ඉන්සියුලින් එන්නත් (මිනිස්) සියයට 30 ද්‍රාව්‍ය සියයට 70 අයිසොෆෙන් වයල් 2,200,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධයක් වන බයිෆෙසික් අයිසොෆෙන් ඉන්සියුලින් එන්නත (මිනිස්) සියයට 30 ද්‍රාව්‍ය සියයට 70 අයිසොපේන් එන්නත් වයල් 2,200,000 ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ.
මේ සඳහා ලංසු දෙකක් ලැබී ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව මෙම ඉන්සියුලින් එන්නත් ( මිනිස්) සියයට 30 ද්‍රාව්‍ය සියයට 70 අයිසොෆෙන් වයල් 2,200,000 ක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s M.J. Biopharm Pvt. Ltd. වෙත ඇමෙරිකා ඩොලර් මිලියන 3.98 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
2025 ඔක්තෝබර් මස 08
1360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1266
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
461
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඩො.මි. 3.98 ක සෞඛ්‍ය කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ M/s M.J. Biopharm සමාගමට