IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව 2025 අද සහ හෙට BMICHහිදී

දෙස් විදෙස් ඩිජිටල් ආර්ථික විශේෂඥයන් 25කට අධික පිරිසක් සමුළුව අමතති


භානුක අමරසිංහ


ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ පළමුවරට සංවිධානය කරන ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව 2025, අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී ආරම්භ වෙයි. හෙට දිනය දක්වා පැවැත්වෙන සමුළුව ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ අවස්ථාවක් බව එම අමාත්‍යාංශය පවසයි. මෙම සමුළුවේදී රජයේ නියෝජිතයන්, මූල්‍ය ආයතන සහ ගෝලීය ෆින්ටෙක් සමාගම් ප්‍රධානීන් මෙන්ම එම කර්මාන්තයේ නවෝත්පාදකයන් ඇතුළු දේශකයන් 25 දෙනකුට අධික පිරිසක් සිය අදහස් දැක්වීම් සිදු කරන බවත් පවසයි.
මෙම සමුළුව සම්බන්ධයෙන් ලංකාදීප FT  වෙත අදහස් දැක්වූ ෆින්ටෙක් සංසදයේ සභාපති චන්න ද සිල්වා මහතා, “ඉන්දියාවේ, සිංගප්පූරුවේ ආර්ථික විශේෂඥයන් ඇතුළු තාක්ෂණවේදීන් පිරිසක් මෙන්ම මහ බැංකු අධිපතිවරයා ඇතුළු මෙරට මූල්‍ය ආයතන සහ තාක්ෂණික සමාගම්වල නියෝජිතයන් රැසක් මේ සඳහා සහභාගි වෙනවා. ඒ වගේම මෙම සමුළුවට සමගාමීව ආරම්භක සමාගම් (startups) සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට අවස්ථාව ලබා දෙන Pitching Area  නමින් කොටසක් ක්‍රියාත්මක වෙනවා.“ යනුවෙන් පැවසුවේය. 
“මීට අමතරව රටෙහි මූල්‍ය අන්තර්ග්‍රහණය සඳහා ගත යුතු පියවර සහ එහිදී සිදු කළ යුතු නියාමන වෙනස්කම් මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කෙරෙන වට මේස සාකච්ඡා 7ක් මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙනවා. ඒ හරහා ඉදිරිපත් වන වාර්තා 7ක් මගින් ඉදිරිපත් වෙන යෝජනා හරහා අනාගතයේ මෙරට ඩිජිටල් ආර්ථික කටයුතුවල සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කරනවා.“ ඒ මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව 2025 අද සහ හෙට BMICHහිදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1266 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site