IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දර්ශක තව දුරටත් වර්ධනය වන ලකුණු

ලැයිස්තුගත සමාගම්වල කොටස් මිල දී ගැනීමට දක්වන උනන්දුව තවදුරටත් වර්ධනය කරන ලකුණු දක්වයි. කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී සියලු කොටස් මිල දර්ශකය සිය වාර්තා තවත් ඉදිරියට ගෙන ගිය අතර පිරිවැටුම ද ඉහළ මටට්මක තිබේ. අද දිනයේ දී ද විකිණීමේ ප්‍රවණතාව පාලනය කරගැනීමෙන් පසු ප්‍රමාණාත්මක වර්ධනයකට යා හැකි වනු ඇත. 

ගනුදෙනු අවසන් වන විට (සැප්. 22) සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,226.87 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 141.78 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,059.91 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 63.75 ක ඉහළ යාමක් සේ  වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 8.06 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 42,614 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 276.3 ක් විය. සමාගම් 142 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 112 කි. 

අමානා බැංකුව කොටසකට රු. 1.30 බැගින් ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. යුනියන් බැංකුව රු. බිලියන තුනක ණයකරයක් නිකුත්කරයි. රුපියල් සියයක ගුණාකාරවලින් කොටස් මිල දී ගත හැකිවේ. සිංගර් ෆිනෑන්ස් සමාගමේ කොටස් හිමියන් සඳහා වූ වරණීය කොටස් සඳහා ඉල්ලුමක් පවතින බව ගනුදෙනුවල දී නිරීක්ෂණය කළ හැකිය.  

සියෙරා කේබල්  රු. මිලියන 1,641 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 281 235,  ජෝන් කීල්ස් රු. මිලියන 267, වැලිබල් වන් රු. මිලියන 236 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රු. මිලියන 197 ක්, හැටන් නැෂනල් නිෂ්ඡන්ද රු. මිලියන 174 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව  කොළඹ කොටස් හුවමාරුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය 2025 වර්ෂය සඳහා සංවිධානය කරන ලද ප්‍රාග්ධන වෙෙළඳ පොළ ප්‍රශ්න විචාරාත්මක තරගාවලයේ දී දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල සමස්ත ශූරයන් බවට පත් වූ අතර, කොළඹ රාජකීය විද්‍යාලය අනුශූරතාව දිනාගෙන ඇත. පාසල්වල ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ සියයක් පිහිටුවීමෙන් පසු අවබෝධය ඇති කිරීම සඳහා මෙම තරඟය පවත්වා ඇත. 

නිරීක්ෂක 

 



අදහස් (0)

දර්ශක තව දුරටත් වර්ධනය වන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site