සාම්ප්රදායික තායි ආහාර ගෙන එන Siam House 32 වැනි වසර අභිමානයෙන් සමරයි
දශක තුනකට අධික කාලයක් පුරාවට සැබෑ සාම්ප්රදායික තායි ආහාර රස දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් වෙත ගෙන ආSiam House , සිය 32වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරන ලදී. කොළඹ නගරයට තායි ආහාර හඳුන්වා දුන් මුල්ම ආයතනවලින් එකක් වන Siam House , සිය නොවෙනස්වන ගුණාත්මකභාවය, විශිෂ්ටත්වය සහ සැබෑ තායි රසයම ලබා දීමට දරන කැපවීම නිසා ඉමහත් කීර්තියට පත්ව ඇත.