IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ සේවයක් සැපයූ Delmege 175 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මෙන්ම වඩාත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Delmege සිය 175 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරයි. 1850 දී වෙළෙඳ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලද Delmege සමාගම මේ වන විට පාරිභෝගික ජනතාවගේ දෛනික ජීවිතයේ සෑම අංශයක් සඳහාම විශ්වසනීය මෙන්ම අර්ථවත් නිෂ්පාදන සහ සේවා සපයන සමූහ ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත.

දිනෙන් දින ඉහළ යන Delmege නිෂ්පාදන සහ සිය පුළුල් සේවා මෙන්ම ගෝලීය වශයෙන් ඉහළ කීර්තියක් ලබා ඇති සන්නාම රැසක් ද මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වාදෙමින් ව්‍යවසායකත්වය දිරි ගැන්වීමට Delmege සමූහය කටයුතු කර ඇත.

  • පාරිභෝගික නිෂ්පාදන සහතික කරන ලද ගුණාත්මකභාවය

ශ්‍රී ලංකාවේ නිවාස මිලියන ගණනක එදිනෙදා ගෘහ ජීවිතය සඳහා අත්‍යවශ්‍ය නිෂ්පාදන රාශියක් ඉහළ විශ්වසනීයත්වයකින් යුතුව Delmege Consumer විසින් අඛණ්ඩව පිරිනමයි. Delmege සෝයා, ‘හිරු කහට’ තේ, ටින් කළ මාළු, Delizia පැස්ටා, නූඩ්ල්ස් සහ පාරිභෝගික ජනතාවගේ ඉහළ ආකර්ශනයක් දිනා ගත් Motha නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන පෙළක් මීට ඇතුළත් වේ.

  • අභ්‍යන්තර නිර්මාණකරණය සහ ගොඩනැගිලි විසඳුම් ජනතාවගේ සිහින නිර්මාණය කිරීම 

Brinton Carpets, Interface, Quick Step, Gerflor සහ Hunter Douglas වැනි ගෝලීය සන්නාම සමග හවුල්කාරිත්වයට පිවිසෙමින් ජීවන අවකාශ සහ කාර්යාල පරිසර සඳහා විශිෂ්ට ගණයේ අභ්‍යන්තර නිර්මාණකරණ විසඳුම් පිරිනැමීම සඳහා ද Delmege කටයුතු කරයි. ඒ අනුව නිවාස සහ වාණිජ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ආලෝකකරණය සහ ස්විච් ගියර් සිට පයිප්ප සහ ඇලු‍මිනියම් පැනල් දක්වා නිෂ්පාදන රැසක් සමඟ තිරසාර සහ විශ්වාසනීය විසඳුම් Delmege Building නිෂ්පාදන ඔස්සේ ලබා දෙයි.

  • නිෂ්පාදනය - සහතික කරන ලද කාර්ය සාධනය 

නිවාස, කාර්යාල සහ අපනයන සඳහා ගෘහ භාණ්ඩ නිෂ්පාදනය Delmege සමූහයේ නිෂ්පාදන අංශය වන Grip Delmege හරහා සිදු කෙරේ. මේ යටතේ පාරිභෝගික රුචිකත්වය අනුව සකසන ලද ගෘහ භාණ්ඩ ද නිපදවනු ලබන අතර අභ්‍යන්තර නිර්මාණකරණ සහ අනෙකුත් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ද විසඳුම් පිරිනමයි. මැලේසියාවේ Warisandor සහ Hettich සමග ගොඩනගා ගෙන ඇති හවුල්කාරිත්වය මගින් Delmege හි මෙම සේවා තවදුරටත් සවිමත් කරයි. තවද, මෙම සහයෝගීතාව ඔස්සේ දිගුකල් පවත්නා ,අලංකාරවත් මෙන්ම තිරසාර විසඳුම් නිර්මාණය කරයි.

  • සෞඛ්‍ය සේවය සමග සුවපත්භාවය පැතිරවීම

හෘද රෝග,පිළිකා තත්වය සහ අලු‍ත උපන් දරුවන් සඳහා අවශ්‍ය සත්කාර දක්වා රෝග රැසක් සඳහා ගෝලීය මට්ටමේ වෛද්‍ය හා රසායනාගාර උපකරණ, ශල්‍ය උපකරණ සහ රෝග විනිශ්චය කිරීමේ පද්ධති ඇතුළු නිෂ්පාදන පෙළක් Delmege Healthcare විසින් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ආශ්‍රිත පහසුකම් දියුණු කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් මෙම ගෝලීය හවුල්කාරිත්ව සහ දේශීය විශේෂඥතාව ඔස්සේ සපයයි.

  • බලශක්තිය - අපි දල්වන බලය 

Shell Libricants පිළිබඳ මෙරට මැක්‍රෝ බෙදාහැරීම් නියෝජිතයා ලෙස Delmege Forsyth Energy කටයුතු කරයි. වසර 18ක් පුරා ගෝලීය ලිහිසි තෙල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ඉදිරියෙන් සිටින Shell Libricants සමඟ එක්වෙමින් පාරිභෝගික, කාර්මික, වාණිජ සහ නාවික වෙළෙඳ කටයුතු වෙනුවෙන් මනා විසඳුම් Delmege විසින් ලබා දෙයි.

  • රක්ෂණය - අප සහතික කරන ආරක්ෂාව

පුළුල් අවද‌ානම් කළමනාකරණ විසඳුම් ලබා දෙන Delmege Insurance Brokers, 2023 සහ 2024 වසරවල දී ශ්‍රී ලංකාවේ අංක 1 රක්ෂණ අතරමැදියා ලෙස IRCSL විසින් ශේණිගත කරන ලදී. රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ දශක තුනකට අධික අත්දැකීමක් ඇති සමාගම, සුවිශේෂී හිමිකම් සහාය සහ IRCSL වැනි ශක්තිමත් ගෝලීය හවුල්කාරිත්වයන්ගේ සහාය ලබා ගනිමින් ආයතනික, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මෙන්ම පුද්ගල අවශ්‍යතා සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද රක්ෂණ ආවරණ ලබාදෙයි.

  • නැව්ගත කිරීම - අපි යාත්‍රා කරන සාගර 

බහාලු‍ම් භාණ්ඩ ප්‍රවාහනය සහ ව්‍යාපෘති භාණ්ඩ ප්‍රවාහනයේ සිට ගබඩා කිරීම, රේගු නිෂ්කාශනය සහ අවසාන බෙදාහැරීම දක්වා පුළුල් පරාසයක විහිදෙන සේවා රැසක් Delmege Shipping විසින් පිරිනමයි.

  • සංචාර සහ විශ්‍රාන්තිය - නිර්මාණය කරන මතකය 

සංචාරකයන් වෙත කණගාටුවකින් තොරව ආශ්වාදජනක අත්දැකීමක්’ තිළිණ කිරීමේ පොරොන්දුව සමග Delair Travels වෙතින් බාධාවකින් තොර පහසු සංචාරයන් සංවිධානය කරයි. විශේෂයෙන් සැලසුම් කරන කණ්ඩායම් චාරිකාවල සිට ආයතනයෙන් බැහැරට ගමන් කරන තෝරාගත් ආයතනික චාරිකා දක්වා පුද්ගල අවශ්‍යතාවලට ගැළපෙන සේවාව සහ ගෝලීය හවුල්කාරිත්ව සඳහා Delair Travels වඩාත් ප්‍රචලිත වේ.

  • විශ්වසනීය උරුමය සහ නවෝත්පාදනයේ අනාගතය

මෙම සංවත්සර සැමරුම පිළිබඳ අදහස් දක්වමින් Delmege සමූහයේ මව් සමාගම වන Vallibel One හි කළමනාකාර අධ්‍යක්ෂිකා දිනුෂා භාස්කරන් මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. “Delmege වෙත වසර 175ක් සපිරෙණ මේ මොහොතේදී, විශ්වාසය, ඔරොත්තු දීමේ හැකියාව සහ සේවය මත ගොඩනැගුණු උරුමය ඉදිරියට ගෙන යාමට ලැබීම අපට සුවිශාල ගෞරවයක්. අපගේ අතීතය පිළිබඳ පමණක් නොව අප ගොඩනංවන අනාගතය ගැන ද මෙම සුවිශේෂී සන්ධිස්ථානය ඔස්සේ පිළිබිඹු වෙනවා. නවෝත්පාදනය, තිරසාරභාවය සහ ප්‍රජාව කෙරෙහි දක්වන ගැඹුරු කැපවීමක් සමඟ ශ්‍රී ලංකාවේ වර්ධනයට සහ ප්‍රගතියට අර්ථවත් දායකයත්වයක් සැපයීමට Delmege අපි සූදනමින් සිටිනවා.”‍



අදහස් (0)

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ සේවයක් සැපයූ Delmege 175 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site