IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බිස්නස්වල අඩු වැඩියක් හරියට කියන්න බෑ - කොළඹ මල්වත්ත පාරේ හිල්මා ට්‍රේඩර්ස් හිමිකරු තුවාන් රසිකගේ


මල්වත්ත පාර යනු පිටකොටුවේ වීදිවලින් එක්තරා ආරම්භයක් සනිටුහන් කරන වීදීයකි. සමහරු සිතන්නේ පිටකොටුවෙන් මල් මිලදී ගත හැක්කේ මල්වත්ත පාරෙන් කියාය. අද මල් නැතත් එදා මල්වත්තකින් මල්වත්ත පාර සුන්දර විය. ඉංග්‍රීසින් රට පාලනය කරන සමයෙහි අලංකාර මල්ගොමුවලින් පිරි ප්‍රභූ නිවාස සංකීර්ණවලින් සමන්විතව තිබූ මේ මල්වත්ත පාරේ එදා තිබුණා යැයි කියූ කිසිදු සාක්ෂියක් අද දක්නට නැත.

 වර්තමානය වන විට මල්වත්ත පාරේ ඇසගැටෙන සුලබ දසුන වන්නේ නොයෙක් වර්ගයේ පාසල් බෑග්, ට්‍රැවලින් බෑග්, විවිධ වර්ගයේ සපත්තු හා නානා මාදිලියේ ඔරලෝසු වෙළෙඳසල්ය. මේ ද්‍රව්‍යවලට මල්වත්ත පාර අද වෙන් වී ඇතත් කාලයක්ම පරපුරක් නැළවූ කැසට් පටයට ද මේ වීදිය නම් දැරුවේය. කලක් මේ වීදිය ගීත රසිකයන්ගේ කැසට් වීදිය විය. මේ දිනවල බිස්නස්වල තතු සෙවීමට අප ළඟා වූයේ මල්වත්ත පාරේ පිහිටි හිල්මා ට්‍රේඩර්ස් වෙතය. එහි හිමිකරු වූ තුවාන් රසිකගේ මහතා අප හා අදහස් බෙදා ගත්තේ මෙලෙසිනි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

මේ දිනවල බිස්නස් ගැන කතා කරනවා නම් බිස්නස්වල අඩු වැඩියක් හරියට කියන්න බෑ. බිස්නස් අඩු වෙනවා ආපහු වැඩි වෙනවා ඒක තමයි බිස්නස්වල ස්වභාවය. උදේට බිස්නස් තිබ්බොත් හවසට නෑ. හවස තිබ්බොත් උදේට නෑ. කොහොමත් දවල් 3න් පස්සේ බිස්නස් අඩුයි. අායේ හවස 5න් පස්සෙ තමයි බිස්නස් කරගන්න පුළුවන්. උදේ වරුව ගත්තාම දවල් 12 වගේ වෙනකන් බිස්නස් ඇත්තෙම නෑ. සෙනසුරාදා ඉරිදා දවස්වලට සතියේ අනෙක් දවස්වලට වඩා බිස්නස් තියනවා.

Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?

මම මේ බිස්නස් එක පටන් ගත්තේ කොරෝනා වසංගතයෙන් පස්සේ. ඒ කාලේ ඉඳලම හරි හෙමින් තමයි බිස්නස් එක කෙරීගෙන යන්නේ. ඇත්තටම බිස්නස් අඩු වෙන්න බලපාන හේතුව තමයි මිනිසුන්ට සල්ලි නෑ. පවතින ආර්ථික රටාව එක්ක හිතේ හැටියට වියදම් කරන්න බෑ. පිටකොටුව වුණාට සෙනග නෑ. පාරිභෝගිකයන්ට දොස් කියන්න බෑ. මොකද මිනිස්සු අමරුවෙන් ජීවත් වෙන්නේ. බෑග් මිල ගත්තාම මිලේ ලොකු වැඩියකුත් නෑ. විවිධ මිල ගණන්වලට තියනවා. ඒකත් පාරිභෝගිකයන්ට පහසුවක්. මොකද තමන්ට සරිලන මුදලකට මිලදී ගන්න පුළුවන් නිසා. 

ශෂිකා අබේරත්න


ඡායාරූප: ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස්වල අඩු වැඩියක් හරියට කියන්න බෑ - කොළඹ මල්වත්ත පාරේ හිල්මා ට්‍රේඩර්ස් හිමිකරු තුවාන් රසිකගේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site