IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලංකා විදුලි බල මණ්ඩලය බැංකු තුනකින් රු.බි.33.5ක ණයක් ගනී

  • මණ්ඩලය සතු ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහයෝගයක්

භානුක අමරසිංහ

ලංකා විදුලි බල මණ්ඩලය මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී පෞද්ගලික වාණිජ බැංකු තුනක එකතුවකින් රුපියල් බිලියන 33.5ක ණයක් ලබා ගෙන ඇතැයි වාර්තාවෙයි. ඒ අනුව සම්පත් බැංකුවේ මූලිකත්වයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ පෑන් ඒෂියා බැංකුවේ එකතුවෙන් මෙම ණය මුදල ලංකා විදුලි බල මණ්ඩලයට ලබාදී තිබේ. 

එම මණ්ඩලය සතු ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහ දැනට සිදු කරගෙන යන මෙහෙයුම් සඳහා සහයෝගයක් ලෙස මෙන්ම රට වෙත වඩාත් විශ්වාසනීය බලශක්තියක් අඛණ්ඩව ලබාදීම සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම ණය මුදල ලබාදුන් බව එම බැංකු පවසයි.

මෙම ණය මුදලට පිරිනැමීමේ අවස්ථාව සඳහා ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරමින් මූල්‍ය කළමනාකරු නිහාල් ප්‍රනාන්දු, සාමාන්‍යාධිකාරී වසන්ත එදුසූරිය, අධ්‍යක්ෂ අසංක පාලමකුඹුර, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සංජය ගුණවර්ධන, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ව්‍යුහාත්මකමූල්‍ය සහ ආයතනික බැංකුකරණ උප සභාපති ලක්ෂාන් වන්නිආරච්චි, පෑන් ඒෂියා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධාකරී ගයන්ත ද සිල්වා සහ සම්පත් බැංකුවේ සාංගමික මූල්‍ය අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී කුසල් ද සිල්වා යන මහත්වරුන් සම්බන්ධවී තිබේ.



අදහස් (0)

ලංකා විදුලි බල මණ්ඩලය බැංකු තුනකින් රු.බි.33.5ක ණයක් ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site