IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විදේශ ආයෝජක කොටස් විකිණීමේ ප්‍රවණතාව ඉහළට

පසුගිය සතිය තුළ තවදුරටත් විදේශ ගනුදෙනුකරුවන්ගේ විකිණීමේ ප්‍රවණතාව පැවැතිණ. සතියේ අවසන් දින දෙක තුළ පමණක් රුපියල් මිලියන 290 ක ශුද්ධ අවාසියක් වාර්තා කළේය. කලින් සතියේ ද මිල දී ගැනීමේ උන්නදුවක් තිබුණේ නැත. සමාගම්වලින් ලබන ප්‍රතිලාභවලට අමතරව විනිමය අනුපාතිකය හේතු කරගෙන අත්පත් කරගන්නා වාසි කෙරෙහි විදේශ ගනුදෙනුකරුවන්ගේ අවධානය පවතින අතර, රුපියලේ අගය ස්ථාවරව පැවැතීම අවාසියක් සේ සලකන බව පෙනේ. කෙසේ වෙතත් අය වැය පූර්ව මිල දී ගැනීම් ඉදිරියේ දී අපේක්ෂා කළ හැකිය. එවැනි  පසුබිමක් තුළ ලැයිස්තුගත සමාගම්වල කොටස් මිල දී ගැනීමේ උනන්දුව තව දුරටත් ඉහළ යන්නට ඉඩ තිබේ.

ඉකුත් සිකුරාදා (සැප්.26) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21.598.99 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 77.93 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6.113.53 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 10.95 ක ඉහළ යාමක් සේ  වාර්තා වේ. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.02 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 38.353 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 148.06 ක් විය. සමාගම් 149 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 98 කි. දිනයේ පෙරවරුවේ පැයක පමණ කාලයට පසු පසුබැසීමක් නිරීක්ෂණය කළ හැකි  වූ නමුත්, දිනය අවසානයේ දී හොඳ ස්ථාවර භාවයකට පැමිණ ගනුදෙනු හැසිරෙන ආකාරයක් නිරීක්ෂණය කළ හැකි විය. අද දිනයේ දී ද තෝරාගත් සමාගම්වල කොටස් කෙරෙහි වැඩි අවධානයක් අපේක්ෂා කළ හැකිය. 

කොටගල වැවිලි සමාගම කොටස් හිමියන් සඳහා මිල දී ගත හැකි වරණීය කොටස් නිකුතුවක් ප්‍රකාශයට පත් කරයි. රුපියල් නමයක් බැගින් මිල නියම කර තිබේ. බලශක්ති, පාරීභෝගික ද්‍රව්‍ය, සිල්ලර වෙළෙඳාම, මුල්‍ය, මෘදුකාංග සේවා හා ප්‍රවාහන වැනි උප අංශවල කොටස් හිමි ක්ෂේත්‍රවලට උනන්දුව අඩුවීමක් දැකගත හැකිවිය. මෙල්ස්ටාක්‍රොප් රුපියල් මිලියන 350ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 291 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිං රුපියල් මිලියන 241 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.

නිරීක්ෂක



අදහස් (0)

විදේශ ආයෝජක කොටස් විකිණීමේ ප්‍රවණතාව ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site