IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අගෝස්තුවේදී ඇගලු‍ම් අපනයනය පහතට

වසරේ මුල් මාස අටේදී ඇඟලු‍ම් අපනයනයේ සියයට 7.48ක වර්ධනයක්


මේ වසරේ අගෝස්තු මාසයේ දී මෙරට ඇඟලු‍ම් අපනයනයේ ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 479.14ක් ලෙස සටහන්ව තිබෙන බවත්, එය පෙර වසරේ අගෝස්තු මාසයේ ආදායම හා සැසඳීමේදී සියයට 1.33ක අඩුවීමක් බවත් ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය පවසයි. 

ඔවුන් පෙන්වා දෙන ආකාරයට පෙර වසරේ අගෝස්තු මාසය හා සැසඳීමේදී එක්සත් ජනපදයට කළ ඇඟලු‍ම් අපනයනයේ වටිනාකම සියයට 0.92 කින් ඉහළ ගොස් ඇති අතර, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වෙත කළ ඇගලු‍ම් අපනයනවල වටිනාකම සියයට 4.83 කින් සහ සියයට 2.6 කින් පහත වැටී තිබේ. 

කෙසේ වෙතත් මේ වසරේ මුල් මාස අටේදී ඇඟලු‍ම් අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවද එම සංසදය පෙන්වා දෙයි. ඒ අනුව එම කාලසීමාවේ දී එම ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 3.39ක් වන අතර එය පෙර වසරේ එම කාලසීමාවේදී රැස් කරගත් ඩොලර් බිලියන 3.16 සැසඳීමේදී සියයට 7.48ක වර්ධනයකි. 

මෙම ආදායම් වර්ධනය සඳහා යුරෝපා සංගමයෙන් (බ්‍රිතාන්‍ය හැර) ලැබුණු ඇඟලු‍ම් ඉල්ලු‍මේ පෙන්නුම් කළ කැපී පෙනෙන සියයට 14.66ක වර්ධනය හේතු වී තිබේ. එසේම එක්සත් ජනපදය වෙතින් සියයට 2.58ක සහ එක්සත් රාජධානියෙන් සියයට 4.54ක වර්ධනයක් මෙන්ම වෙනත් වෙළෙඳපොළෙන් සියයට 9.45ක ඉල්ලු‍මක්ද ලැබී තිබේ.



අදහස් (0)

අගෝස්තුවේදී ඇගලු‍ම් අපනයනය පහතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site