IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොත් ප්‍රදර්ශනයේ ටිකට් මිලදී ගැනීමට PickMe වෙතින් අවස්ථාව

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 වෙත ඇතුළුවීමට පවතින අධික තදබදයෙන් මිදී වඩාත් පහසුවෙන් ටිකට් පත් මිලදී ගැනීමේ අවස්ථාව හිමිකරදීමට එහි නිල ගමන් හවුල්කරුවා වන PickMe යටතේ පවතින  PickMe Events කටයුතු යොදා තිබේ. 
ඒ අනුව මෙවර පොත් ප්‍රදර්ශනය නැරඹීමට යන පිරිසට PickMe ඇප් වැඩසටහන හරහා තමන්ට අවශ්‍ය ටිකට් පත් මිලදී ගැනීමට හැකිය. අනතුරුව ප්‍රදර්ශන භූමියට ඇතුළුවන ස්ථානයේ පිහිටා ඇති PickMe හි විශේෂිත කවුන්ටරයේ ඇති QR කේතය ස්කෑන් කර ප්‍රදර්ශනය වෙත ඇතුළු වීමේ අවස්ථාව ලැබේ.
සැප්තැම්බර් 27 වැනිදා ආරම්භ වී ලබන ඔක්තෝබර් 06 වැනිදා දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙන දින 10ක් පුරාම මෙම පහසුකම පිරිනමන බව PickMe පවසයි. එහිදී ජනතාව වෙත මෙලෙස ඩිජිටල් ආකාරයෙන් පරීක්ෂා කර ඇතුළුවීමේ අත්දැකීම වෙත පිවිසීම උනන්දු කරවීම සඳහා, PickMe භාවිත කරන්නන්ට නොමිලේ ටිකට් පත් තුනක් පිරිනැමීමටද කටයුතු යොදා තිබේ.
මේ අතර වැඩි පොත් ප්‍රමාණයක් මිලදී ගන්නා පිරිසට කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 100ක් වැනි ඉතාමත් අඩු මිලකට එම පොත් ලංකාවේ ඕනෑම තැනක පිහිටි සිය නිවෙසට ප්‍රවාහනය කර දීමට PickMe Courier සේවාවද ඉදිරිපත්ව සිටින බව පවසයි.



අදහස් (0)

පොත් ප්‍රදර්ශනයේ ටිකට් මිලදී ගැනීමට PickMe වෙතින් අවස්ථාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site