භානුක අමරසිංහ
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කිරීමට සැලසුම් කළ රුපියල් බිලියන 2ක් වටිනා තිරසර බැඳුම්කර නිකුතුවට අනුමැතිය හිමිව ඇතැයි පවසයි. මෙය අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි, ඉහළ ඵලදාවක් සහිත තිරසාර බැඳුම්කරයක් බව සමාගමේ සැලසුම වී තිබේ. මෙය වසර පහකින් කල් පිරෙන ලෙස ඉදිරිපත්ව ඇත.
මෙහිදී මූලික නිකුතුව ලෙස බැඳුම්කර කොටස් මිලියන 10ක් නිකුත් කෙරෙන අතර, එක් බැඳුම්කරයක මිල රුපියල් 100කි. ඒ හරහා රැස් කෙරෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියනයකි. පළමු නිකුතුවට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් බැඳුම්කර කොටස් මිලියන 10ක් නිකුත් කෙරේ. ඒ අනුව සමස්ත නිකුතුව හරහා රැස් කෙරෙන වටිනාකම රුපියල් බිලියන 2කි.
මෙම නිකුතුවA සහ B ලෙස කාණ්ඩ දෙකකට වෙන් කර තිබේ. ඉන් A බැඳුම්කරය සඳහා වාර්ෂිකව ගෙවන සියයට 12ක ස්ථාවර පොලී අනුපාතයක් හිමිවන අතර, B බැඳුම්කරය වෙත අර්ධ වාර්ෂිකව ආපසු ගෙවන සියයට 11.66 ක ස්ථාවර පොලී අනුපාතයක් හිමි වෙයි. ලබන ඔක්තෝබර් 08 වැනිදා විවෘත කෙරෙන මෙම තිරසර බැඳුම්කරය සුදුසුකම් ලත් ආයෝජකයන් පිරිසකට පමණක් සීමාවනු ඇතැයි ද සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම පවසයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්හි රුපියල් බිලියන 2ක් වටිනා තිරසර බැඳුම්කරයට අනුමැතිය