IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දේශමාන්‍ය හැරී ජයවර්ධනට 2025 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී ‘දකුණු ආසියාවේ මුහුණු’ කීර්තිමත් සම්මානය


2025 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ අභාවප්‍රාප්ත දේශමාන්‍ය ඩී.එච්.එස් (හැරී) ජයවර්ධන මහතා පිළිබඳව කීර්තිමත් සටහනක් තබමින් අවසන් විය. සැප්තැම්බර් 20 වැනි සෙනසුරාදා පැවැත්වුණු එම සම්මාන උළෙලේදී කලාපය පුරා සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට කල් පවතින බලපෑමක් කළ විශිෂ්ටයන් උදෙසා වෙන් කර ඇති ‘දකුණු ආසියාවේ මුහුණු’ නම් කීර්තිමත් සම්මානය ජයවර්ධන මහතාට පිරිනැමිණි. 

අභාවප්‍රාප්ත ජයවර්ධන මහතා වෙනුවෙන් එම සම්මානය ලබාගත්තේ ඒ මහතාගේ දියණිය මෙන්ම Aitken Spence PLC සහ Aitken Spence Hotel Holdings PLC හි සභාපතිනිය වන ස්ටෂානි ජයවර්ධන විසිනි. මෙම සම්මානය සමග ජයවර්ධන මහතාගේ දූරදර්ශී නායකත්ව හැකියාව සහ පුරෝගාමී ජයග්‍රහණ ඔප්නංවමින් සංකේතාත්මක සැමරුම් කාසියක් සහ සමරු කළඹක් එම සම්මාන උළෙල මගින් පිරිනමනු ලැබීය. ආගන්තුක සත්කාර, සැපයුම් සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍රවල ශක්තිමත් ඉදිරි ගමනක් සහිත ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණයෙන් යුතු සහ ජාත්‍යන්තරව පිළිගත් සමූහ ව්‍යාපාරයක් බවට එම සංවිධානය පරිවර්තනය කිරීමේදී ජයවර්ධන මහතා තීරණාත්මක කාර්යයභාරයක් ඉටු කළේය. 

ඒ මහතාගේ මග පෙන්වීම යටතේ, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් ද්විත්වයම ලෝක මට්ටමේ ගමනාන්ත ලෙස ස්ථානගත කරවමින්, විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය සඳහා කීර්තියක් අත්කරදෙමින් Aitken Spence Hotel Holdings PLC ජාලය දේශීය සහ විදේශීය වශයෙන් පුළුල් කරන්නට හැකියාව ලැබිණි. 

සංචාරක ව්‍යාපරයෙන් ඔබ්බට යමින් ඔහු කීර්තිමත් සමාගම් කිහිපයකම නායකත්ව තනතුරු හෙබවූ අතර ආයතනික පාලනය සහ තිරසාර ව්‍යාපාරික භාවිතයන් සඳහා ඔහුගේ විනයගරුක ප්‍රවේශය සඳහා පුළුල් පිළිගැනීමක් ලැබිණි. 

දකුණු ආසියානු සංචාරක සහ ආගන්තුක සත්කාර සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීමේ මෙම සම්මානයේ අරමුණ සමග ඒ මහතාගේ කල් පවතින උරුමය සමපාත වන බව දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙල මණ්ඩලය විසින් අවධාරණය කරන ලදී. ඔහුගේ ජයග්‍රහණ, ඔරොත්තු දීමේ හැකියාවේ, දූර්දර්ශීභාවයේ සහ නවෝත්පාදනයේ වටිනාකම් විදහා දක්වන අතරම ඔහුගේ දායකත්වය කර්මාන්තය තුළ නායකත්ව මිණුමක් ලෙස මින් ඉදිරියටත් භාවිත කරනු ඇත.

2016 වසරේදී ආරම්භ වූ මෙම දකුණු ආසියානු සම්මාන උළෙල, එතැන් පටන් කලාපයේ සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණ හඳුනා ගැනීම සඳහා වන ප්‍රමුඛතම වේදිකාව ලෙස අඛණ්ඩව සිය දායකත්වය ලබාදෙයි. 

දකුණු ආසියාව පුරා විසිරී සිටින ක්ෂේත්‍රයේ පුරෝගාමීන්, කොටස්කරුවන් සහ සම්භාවනීය අමුත්තන් එකම වේදිකාවකට කැඳවූ 2025 සම්මාන උළෙල, නවෝත්පාදනය, තිරසාරභාවය සහ කලාපීය එකමුතුව සඳහා සාමූහික කැපවීම යළිත් තහවුරු කරන්නට සමත් විය.



අදහස් (0)

දේශමාන්‍ය හැරී ජයවර්ධනට 2025 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී ‘දකුණු ආසියාවේ මුහුණු’ කීර්තිමත් සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site