ලංකා බැංකුවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දර්ශන ඉන්ද්‍රජිත් ජයරත්න මහතා පත් කරගත් බව එම බැංකුව පවසයි. ඒ අනුව සැප්තැම්බර් 26 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා බැංකුවේහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ.
මෙහිදී පංච පුද්ගල විශේෂ තේරීම් කමිටුවක් මගින් ලබාදුන් නිර්දේශයකට අනුව මුදල්, සැලසුම්කරණ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙම නව පත් කිරීම සිදු කර තිබේ. එසේම මහ බැංකුවද මෙම පත් කිරීම අනුමත කර තිබේ.
ජයරත්න මහතා සතුව මෙරට මෙන්ම ප්‍රධානතම විදෙස් බැංකු කිහිපයක් තුළම වසර 31කට අධික බැංකුකරණ අත්දැකීම් පවතින බව සඳහන් වෙයි. ඒ අතර වසර 27ක්ම මූල්‍ය වෙළෙඳපොළ පවතින විශේෂඥතාවක් ද ඒ මහතා සතුය. 1993 වසරේදී ABN AMRO බැංකුවෙන් සිය වෘත්තීය දිවිය ආරම්භ කළ ජයරත්න මහතා, 2002 දී සිටි බැංකුවේ සේවය කළේය. 2004 වසරේදී ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව සමගින් සම්බන්ධ වූ ඒ මහතා, පසුගිය කාලසීමාවේදී එහි ප්‍රධාන තනතුරු රැසක් දරා තිබේ. එසේම ඒ මහතා ඇතැම් අවස්ථාවලදී බැංකුවෙහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දර්ශන ජයරත්න ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට