IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාරිභෝගිකයන්ගේ සෑහෙන අඩුවීමක් තිබෙනවා

 


මාලබේ ප්‍රේමදාස ස්ටෝස්හි බී.එච්. සිල්වා


මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට මාලබේ වෙළෙඳ නගරයට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ රෙදිපිළි සහ පූජා භාණ්ඩ වෙළෙඳසලක් වන ප්‍රේමදාස ස්ටෝස් වෙතට යි. එහි සේවයේ නියුතු බී.එච්. සිල්වා මහත්මිය මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

මේ දවස්වල බිස්නස් කොහොමද?
මම මෙම වෙළෙඳසලේ සේවයට ඇවිත් වසර දෙක හමාරක් වෙනවා. මේ ව්‍යාපාරය දිර්ඝ කාලයක සිට පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන එන ව්‍යාපාරයක්. මේ දවස්වල නම් බිස්නස් හොඳටම අඩුයි. භාණ්ඩයක් මිලදී ගන්න එන පාරිභෝගිකයන්ගේ සෑහෙන අඩුවීමක් තියෙනවා. 


බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
අප්‍රේල්, දෙසැම්බර් මාසවල සීසන් එකේ තමයි රෙදිපිළිවලට වෙළෙඳපොළක් තියෙන්නේ. මේ කාල සීමාවේ කොහොමත් බිස්නස් අඩුයි. ඊට අමතරව එළඹෙන කඨින පින්කම් එක්ක පූජා භාණ්ඩවලට ඉදිරි මාස කිහිපයේ නැවත බිස්නස් එකක් තියෙයි. 
භාණ්ඩයක් ගන්න පාරිභෝගිකයෙක් ආවොත් තමයි අපිට බිස්නස් එකක් තියෙන්නේ. පවතින ආර්ථික මට්ටමත් එක්ක පාරිභෝගිකයන්ට මූලික අවශ්‍යතාවලට අමතරව තවත් දෙයක් මිලදී ගන්න හැකියාවක් නෑ. මාසෙට රුපියල් පනස්දාහක පඩියක් ගන්න කෙනෙක් මාසික ආහාර අවශ්‍යතාව, ජල බිල්, විදුලි බිල් ගෙව්වම අතේ මුදලක් ඉතිරි වෙන්නේ නැහැ. එහෙම තත්වයක් තියෙද්දී කොහොමද පාරිභෝගිකයෙක් ඇවිත් අමතර මුදලක් යොදවලා ඇඳුමක් ගන්නේ. තවත් සමහරුන් දවසකට එක වේලක් හරි කන්නේ හරිම අමාරුවෙන්. මිනිස්සු අතේ සල්ලි නැතිකම තමයි බිස්නස් කඩාවැටෙන්න මූලිකම හේතුව.
ඊට අමතරව අද වෙද්දී අපේම වෙළෙඳසලටම ඇවිත් රෙදි මිලදී ගන්න අවශ්‍ය නැහැ. පාරිභෝගිකයන්ට වෙළෙඳපොළේ රෙදිපිළි මිලදී ගන්න විවිධ අවස්ථා තියෙනවා. ප්‍රධාන වෙළෙඳ නගර කේන්ද්‍ර කරගනිමින් නමගිය වෙළෙඳසැල් විවෘතවීමත් සමග පාරිභෝගිකයෝ ඒ ස්ථානවලින් රෙදිපිළි මිලදී ගන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ තැන්වල තමයි හොඳම රෙදි තියෙන්නේ, සහන මිලට රෙදිපිළි ගන්න පුළුවන් කියන මතයක් පාරිභෝකයෝ තුළ තිබෙනවා. එනිසා අපි වගේ සාමාන්‍ය මට්ටමෙන් පවත්වාගෙන යන වෙළෙඳසල්වලට ඇවිත් රෙදිපිළි මිලදී ගන්න දක්වන උනන්දුව අඩුවීමත් බිස්නස් අඩුවෙන්න හේතුවක්. නත්තල් සීසන් එක සහ වර්ෂ අවසාන සේල් එක්ක නැවත බිස්නස් එකක් ඇති වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා.


මනීෂා වීරසිංහ
ඡායාරූප : ගයාන් අමරසේකර



අදහස් (0)

පාරිභෝගිකයන්ගේ සෑහෙන අඩුවීමක් තිබෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 794 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site