IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දින පහක් හොඳට බිස්නස් තිබ්බොත් දින දෙකක් බිස්නස් නෑ

මාලබේ යූ.ටී.එන් ට්‍රේඩින් කම්පැනි වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික එම්.එම්.එම් සලීම්

බිස්නස් යනු කාලයෙන් කාලයට ඉහළ පහළ ගමන් කරන්නකි.  විවිධ වූ හේතු මත බිස්නස් අඩු වන අවස්ථාද බිස්නස් වැඩිවන අවස්ථාද පවතී. මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට මාලබේ වෙළෙඳ නගරයට පිවිසුණු අවස්ථාවේ අප ගොඩවැදුණේ යූ.ටී.එන් ට්‍රේඩින් කම්පැනි වෙළෙඳ ආයතනය වෙතටයි. එහිදී එහි ව්‍යාපරික එම්.එම්.එම් සලීම් මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

අපි අලෙවි කරන්නේ හාර්ඩ්වෙයාර් බඩු සහ ඉලෙක්ට්‍රික් බඩු. මේ බිස්නස් එක පටන් අරන් වසර 5 ක් වගේ වෙනවා. සේවකයෝ 7 දෙනෙක් ඉන්නවා. මේ දිනවල බිස්නස් ගැන කතා කරද්දි බිස්නස් සාමාන්‍ය පරිදි කෙරීගෙන යනවා. බිස්නස්වල අඩුවක් නෑ. සතියක් ගත්තාම දින 7න් දින 5ක හොඳට බිස්නස් තිබ්බොත් දින 2ක් බිස්නස් නෑ. ඕක තමයි බිස්නස් වල ස්වාභාවය.

Q බිස්නස් අඩුවීමට හෝ වැඩිවීමට බලපෑ හේතු මොනවාද?

සාමාන්‍යයෙන් බිස්නස් කියන්නේ නිරන්තරයෙන් අඩු වැඩි වෙන දෙයක්. කාලයෙන් කාලයට බිස්නස් වලින් ලාබ වගේම පාඩුත් ලබන්න සිදු වෙනවා. සමහර බිස්නස් තියනවා උත්සව සමයත් එක්ක බිස්නස් වැඩි වෙන. ඕක තමයි බිස්නස්වල ස්වාභාවය. 

අපේ බිස්නස් ගත්තාම බිස්නස් සීසන් කියලා දෙයක් නෑ. ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය භාණ්ඩ තමයි අලෙවි කරන්නේ. පසුගිය කොරෝනා සමයත් එක්ක ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටුණා. ඒ කාලෙනම් බිස්නස් අඩු වුණා. එහෙත් වර්තමානය වනවිට නැවත ඉදිකිරීම් ක්ෂේත්‍රය යථා තත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා බිස්නස් තියනවා. මිල ගණනුත් කාලයෙන් කාලයට අඩු වැඩි වෙනවා. මිල ගණන් වැඩි වුණත් ඉදිකිරීම් සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට සිදු වෙනවා. 

ශෂිකා අබේරත්න
ඡායාරූප-ගයාන් අමරසේකර

 

 



අදහස් (1)

දින පහක් හොඳට බිස්නස් තිබ්බොත් දින දෙකක් බිස්නස් නෑ

tissa Tuesday, 23 September 2025 03:19 PM

එහෙම තමයි ඕනේ දෙයක්. හැමදාම නත්තල් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 794 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site