එක් කොටසක් තවත් කොටස් 200ක් ලෙස බෙදේ
භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොටස් අතුරු බෙදීමක් හරහා සිය කොටස් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට සූදානමින් සිටින බව පවසයි. ඒ අනුව දැනට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය කොටසක් සඳහාම අලුතින් කොටස් 200ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ.
සමාගම මගින් අද වනවිට සාමාන්‍ය කොටස් 3,006,000ක් නිකුත් කර තිබෙන අතර, මෙම කොටස් අතුරු බෙදීමත් සමගින් එය සාමාන්‍ය කොටස් 601,200,000 ක් දක්වා ඉහළ යයි. කෙසේ වෙතත් මෙහිදී සමාගම නිකුත් කර ඇති කොටස් සංඛ්‍යාව ඉහළ ගියද සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වෙනසක් සිදු නොවන බව සමාගම වැඩිදුරටත් පවසා සිටියි.
මේ අතර යෝජිත කොටස් අතුරු බෙදීම සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවත් එය මීළග මහා සභා රැස්වීමේදී ලබා ගැනීමට නියමිත බවත් සමාගම සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
794
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් කොටස් අතුරු බෙදීමකට සැරසෙයි