IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ඩේවිඩ් පීරිස් සමූහයෙන් අභිමංසල අලු‍ත්වැඩියාවට අතහිත

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපනය සඳහා කැප වූ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සත්කාර මධ්‍යස්ථානයක් වන අනුරාධපුරයේ පිහිටි අභිමංසල සුවතා මධ්‍යස්ථානයට ඩේවිඩ් පීරිස් සමූහය විසින් පරිත්‍යාග කරන ලද නවාතැන් මධ්‍යස්ථාන දෙක සම්පූර්ණයෙන් පිළිසකර කර යළි බාර දීම පසුගියදා සිදු කෙරුණි. 

මෙම නවැතැන් මධ්‍යස්ථාන යුගලය ඩේවිඩ් පීරිස් සමූහය විසින් 2011 වර්ෂයේදී අභිමංසල ආරම්භ කිරීමේදී පරිත්‍යාග කළ අතර මේ වන විට එය යළි අලු‍ත්වැඩියා කිරීමට අවශ්‍ය වී තිබුණි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉල්ලීම මත නැවතත් මෙම මධ්‍යස්ථාන යුගලය අලු‍ත්වැඩියා කිරීමට ඉදිරිපත් වුණු ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සුබ සාධක අංශය විසින් මුදල් වැය කර එහි තීන්ත ආලේප කිරීම, දැවමය අලු‍ත්වැඩියාව, ගෘහ භාණ්ඩ, තිර රෙදි, විදුලි වැඩි දියුණු කිරීම්, රූපවාහිණී යන්ත්‍ර ලබාදීම ඇතුළුව පූර්ණ අලු‍ත්වැඩියාවක් සිදු කරන ලදී. මෙම වැඩි දියුණු කිරීම්වලින් රට වෙනුවෙන් තම ජීවිත කැප කළ රණවිරුවන්ට සුවපහසු පරිසරයක් නිර්මාණය කිරීමට අරමුණු කෙරේ. 

ප්‍රතිසංස්කරණය කරන ලද මධ්‍යස්ථාන යුගලය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී - මෙහෙයුම් කෝසල රත්නායක මහතා විසින් ශ්‍රී ලංකා හමුදාවට නිල වශයෙන් බාර දෙන ලදී. එම අවස්ථාවට අභිමංසල අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ප්‍රියන්ත ලියනගේ ඇතුළු යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සුබසාධන කමිටුවේ සාමාජිකයන් වන ඩේවිඩ් පීරිස් හෝල්ඩිංග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් නියෝජ්‍ය අංශ භාර කළමනාකරු - වාහන විකුණුම් සම්පත් වීරකෝන්, අභ්‍යන්තර සහ බාහිර සන්නිවේදන ප්‍රධානී දසුන් එදිරිසිංහ, ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් කළමනාකරු - අය කර ගැනීම් දුමින්ද ඒකනායක, අලෙවි විධායක නිර්මාණ ඩයස් යන මහත්වරු සහභාගී වූහ.  

එහිදී අදහස් දැක්වූ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී - මෙහෙයුම් කෝසල රත්නායක මහතා මෙසේ පැවසූවේය. ”‍යුද්ධය අවසන් වී කෙටි කලකට පසු අපගේ රණවිරුවන්ගේ පරිහරණය උදෙසා අපි මේ මධ්‍යස්ථාන දෙක පරිත්‍යාග කිරීම සිදු කළා. රණවිරුවන්ට අපගේ ගෞරවය දැක්වීමේ සංකේතයක් ලෙස අපි එම කර්ය සිදු කළ අතර ඉන් වසර 14කට පසුවත් අපි එම මධ්‍යස්ථාන රැකබලා ගැනීම සිදු කරනවා. මෙම මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට ලැබීම අපිට ආඩම්බරයක්.”

 



අදහස් (0)

ඩේවිඩ් පීරිස් සමූහයෙන් අභිමංසල අලු‍ත්වැඩියාවට අතහිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1266 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site