


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
සංචාරක ව්‍යාපාරයෙන් රටට ඩොලර් ගෙනෙන පුරවරයක් ලෙසට ප්‍රසිද්ධ අකුරළ පවතින අඩුපාඩු සහ අකටයුතුකම් නිසා දිනෙන් දිනම එම පුරවරයෙන් සංචාරක ව්‍යාපාරය හීන වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු කියති. මේ යන ආකාරයට තව දුරටත් පැවතියහොත් අකුරළට සංචාරකයන් පැමිණීම මුළුමනින්ම නවතිනු ඇතැයි ඔවුහු බිය පළ කරති. එසේවුවහොත් සිය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම නතරවනු ඇති බව අකුරළ සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අය කියති. එම කටුක අවාසනාවන්ත තත්වයෙන් තමන් මුදාදෙන ලෙස ඔවුහු නිසි බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටිති.
මේ අකුරළ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති අවාසනාවන්ත තත්වය පිළිබඳව ප්‍රදේශවාසීන් සහ සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අය කී කතාය.
අමරපුර මූලවංශික මහා නිකායේ මහා ලේඛකාධිකාරී, අකුරළ මංජුලතිස්ස හිමි:-
අපිරිසුදු අකුරළට සුද්දෝ ආවොත් පුදුමයි. ඒ තරමටම අකුරළ ජරාජීර්ණ වෙලා. අකුරළ කැළි කසළ බැහැර කිරීම ක්‍රමවත් නැහැ. සංචාරකයන් නිතර ගැවසෙන ස්ථානවල කැළි කසළ තොග පිටින් දින ගණනක් යන තෙක් ඒවා අස් කරන්නේ නැහැ. පිරිච්ච කසළ බඳුන් බල්ලො කපුටෝ අවුස්සලා හැමතැනම දානවා. අකුරළට සංචාරකයන් එන්නේ කැළි කසළ ගොඩවල් බලන්න නෙමෙයි. අකුරළ තියෙන සුන්දරත්වය නරඹන්නයි. එදා තිබූ සුන්දරත්වය අද අකුරළින් ටිකෙන් ටිකම විනාශ වෙලා යනවා. ඒ තරමටම අකුරළට කැළි කසළ ප්‍රශ්නයක් වෙලා.
රත්ගම ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක් තියෙනවා අකුරළ. එහි තමයි ප්‍රාදේශීය සභා උප කාර්යාලය පවත්වාගෙන ගියේ. දැන් ඒකේ එම කාර්යාලය පවත්වාගෙන යන්නේ නැහැයි කියලා දැන ගන්න ලැබුණා. මේ ගොඩනැගිල්ල අකුරළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අකුරළ සංචාරක ව්‍යාපාරය දියුණුවුණොත් හොඳ අපේම ජනතාවට වගේම අපේ රටටයි.
චරිත් ජයරත්න:-
මම සෘජුවම සංචාරක ව්‍යාපාරයට යොමුවෙලා ඉන්න කෙනෙක්. අද අකුරළ සංචාරක ව්‍යාපාරය තියෙන්නේ නරක තැනක. ඒකට අපේ අකුරළ ජනතාවත් වගකියන්න ඕන. අපේ අයගේ ස්වයං විනයක් නැහැ. සංචාරකයන් එන ප්‍රදේශයක් හැටියට අකුරළ ජනතාව සිහිබුද්ධියෙන් විනය ගරුකව මීට වඩා හැසිරිය යුතුයි. සංචාරකයන් අපේ ගම් පළාතට එනවා යයි කියන්නේ අපේ අයගේ ජන ජීවිතය ඉස්සරහට යාමක්. අපේ අය දැන ගන්න ඕන සුද්දා ගේන සල්ලි ටික ආපසු ඒ අයගේ රටට ගෙනියන්න නොදී අපේ රටේම රඳවගන්න. අකුරළ සංචාරක ව්‍යාපාරය ඉදියුණු කරන්න අපේ අයගේත් ,නිලධාරීන්ගේත් ලැබෙන සහයෝගය හොඳටම මඳියි.
අපිරිසුදු වෙරළකට සංචාරකයන් එන්න කැමැති නැහැ. සංචාරකයන් එන්නේ හොඳට විනෝද වෙන්න. නිදහසේ පිරිසුදු පරිසරයක විනෝද වෙන්න. පරිසරය විඳින්න. අකුරළ සංචාරක ව්‍යාපාරයේ මුදුන් මල්කඩ තමයි වෙරළ. මේ වන විට අපේ රන්වන් වෙරළ ඛාදනයකට ලක්වෙලා. අදාළ බලධාරීන් මේ වෙරළ ඛාදනය නතර කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැහැ.මේ සඳහා ඉක්මනින්ම පියවර නොගතහොත් වෙරළක් නැතිව වගේම සංචාරකයන් නැති අකුරළක් දකින්න ලැබේවී. එහේම වුණොත් අකුරළ පවත්වාගෙන යන සංචාරක හෝටල්වල හිමිකරුවන්ට ඒවා වහලා දාලා පාරට එන්න සිද්ධ වේවි.
අකුරළ වෙරළ පාදක කරගෙන දෙස් විදෙස් සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් වෙනුවෙන් දැකුම් කළු ඇවිදින මං තීරුවක් හැදුවා. ඒ ඇවිදින මං තීරුව රෑට කලුවරෙයි තියෙන්නේ. එම මං තීරුවේ විදුලි පහන් කණුවල විදුලි බුබුලු දක්නට ලැබෙන්නේ නැහැ. රෑට විදුලිය නැතිවුණාම කොහොමද සංචාරකයන් එම ස්ථානය ප්‍රයෝජනයට ගන්නේ.
රුවන් ප්‍රීති කුමාර මහතා:-
අකුරළ අයිති රත්ගම ප්‍රාදේශීය සභාවටයි. අකුරළ සංචාරක ව්‍යාපාරය නැංවීමේ අරමුණින් දකුණු ලකේ සංචාරක ව්‍යාපාරය පාලනය කරනු ලබන රුහුණු සංචාරක කාර්යාංශය අකුරළ වෙරළ තීරයෙන් මුහුදේ දිය නෑමට එන සංචාරකයන්ට ඇඳුම් මාරු කිරීමට මුහුදේ නෑ අයට ලුණු වතුර යැවීමට දිය නා ගැනීමට, වැසිකිළි, කැසිකිළි පහසුකම් සහිත සංචාරක අවශ්‍යතා සැපිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කළා. එම මධ්‍යස්ථානය ආරම්භ කළේ සංචාරකයන්ට සපයන පහසුකම්වලට හිලව් වන සාධාරණ කුලියක් අයකර ගෙන. ඒ තුළින් රජයට විශාල ආදායමක් ලබා ගන්න හැකියාවක් ලැබුණා. එසේ රජයට ආදායමක් ලබා ගන්න තිබුණු එම මධ්‍යස්ථානය වහළ දාලා. එම මධ්‍යස්ථානය වසා දැමීමෙන් රජයට එන ආදායමක් නැතිවුණා.
මේ මධ්‍යස්ථානය වසා දැමීමත් සමගම ප්‍රදේශවාසීන් ඒ වෙනුවෙන් සංචාරක සේවා පහසුකම් වැඩි මිලට සපයන්න ඉදිරිපත්වුණා. ඒ අයට ඕනෑ අධික ලාබය පමණයි. මේ පිළිබඳව සංචාරක ප්‍රජාව කතා කරනවා. වැඩේ කියන්නේ රුහුණු සංචාරක කාර්යාංශයෙන් ස්ථාපිත කරනු ලැබූ සංචාරක සේවා මධ්‍යස්ථානය දිනෙන් දිනම විනාශවෙමින් යනවා. එහි ඇති සම්පත් සියල්ලම ප්‍රයෝජනයකට නොගෙන විනාශ වෙවී යනවා. ඒක හරිම ජාතික අපරාධයක්.
උපාලි ද සොයිසා:-
මමත් දැන් කාලයක ඉඳලාම සංචාරක ව්‍යාපාරයේ නිරත වෙනවා. අකුරළ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න තිබෙන ලොකුම බාධාව තමයි වෙරළ සංරක්ෂණ නිලධාරීන්. වැල්ලට එන සුද්දට කුඩාරමක්, මඩුවක් ගහන්න දෙන්නේ නැහැ. පගාව ඉල්ලනවා. පගාව නොදුන්නොත් නඩු දානවා. පස්සෙදි පගාව දුන්නත් නඩු දානවා. අපිට සුද්දෝ කැමැති වැල්ලට ඇවිල්ලා පොඩි කූඩාරමක හෝ මඩුවක වාඩිවෙලා අපේ දෙයක් කාලා බීලා විනෝද වන්න. එවන් අවස්ථා අකුරළ නැතිවුණාම සුද්දන් අකුරළට එන්නේ නැහැ. වෙරළ සංරක්ෂණ නිලධාරීන්ට මේ සිංහලය තේරෙන්නේ නැහැ. අකුරළ සංචාරක ව්‍යාපාරය පිළිබඳව වෙරළ සංරක්ෂණ නිලධාරීන්ට දැනුමක් ලබා දියයුතුයි. සංචාරක පුරවර තියෙන නගරවල වෙරළ පෙනෙන දුරින් කූඩාරම්, මඩු ඉදිකිරීමෙන් වෙරළට කිසිදු හානියක් වෙන්නේ නැහැ. රජය මැදිහත් වෙලා මේවාට විසඳුම් ලබාදිය යුතුයි. එහේම නොකරන තාක් කල් අකුරළ නම් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා බොරුයි.
ශම්පිකා මෙන්ඩිස් :-
මම අවුරුදු තිහක පමණ කාලයක් සංචාරක ව්‍යාපාරයේ නිරත වෙනවා. අකුරළට දෙස්විදෙස් සංචාරකයන් දෙවර්ගයම එනවා. දේශීය සංචාරකයන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඒ අය කාපුබීපු තැන විනාශ කරනවා. තමන් හිටිය තැන අපිරිසුදු කරනවා. ඒ අතින් විදෙස් සංචාරකයා කවදාවත්ම කාපුබීපු තැන අපිරිසුදු කරන්නේ නැහැ. අකුරළ අපවිත්‍ර කරන්නේ වැඩිහරියක්ම අකුරළට එන දේශීය සංචාරකයන්. සංචාරක ව්‍යාපාරය ගැන අකුරළ ජනතාවටත් දැනුමක් දිය යුතුයි.
රත්ගම ප්‍රාදේශීය සභාපති දුලාජ් තරංග මහතාගෙන් විමසූවිට මෙසේ කීවේය.
අකුරළ අපේ බල ප්‍රදේශයට අයත් සංචාරක පුරවරයක්. අපේ සභාවෙන් අකුරළ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න විශාල වැඩපිළිවෙළක් දියත් කිරීමට අපේක්ෂාවෙනුයි ඉන්නේ. විශේෂයෙන්ම අකුරළ වෙරළේ දිය නාන තැන සංවර්ධනය කරනවා. එතනට එන සංචාරකයන්ට පහසුකම් අපේ සභාව හරහා දීමට අපි අදහස් කරගෙන තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපි සතුව තිබෙනවා. විශේෂයෙන්ම අකුරළ නගරයේ කසළ බැහැර කිරීම විධිමත් කරන්න කටයුතු කරනවා. එම ස්ථානයට එන රථ වාහන ආරක්ෂා සහිතව ගාල් කිරීමට රථ වාහන ගාල් කිරීමේ සථානයක් වෙන් කිරීමටත් අපි අපේක්ෂාවෙන් සිටිනවා.
2025 ඔක්තෝබර් මස 08
1360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1266
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
461
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අකුරළ සංචාරක ව්‍යාපාරයේ අවනඩුව