IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ප්‍රතිලාභ සහිත සමාගම්වලට යහපත් ඉල්ලුමක්

ලැයිස්තුගත සමාගම්වල කොටස් මිල දී ගැනීමේ උනන්දුවක් තිබුණ අතර මිල දී ගැනීම සඳහා සියයට හැත්තෑ එකක ප්‍රතිශතයක් පෙන්නුම් කිරීම ඊයේ (සැප්. 25) කොටස් වෙළෙඳපොළේ පැවැති ප්‍රවණතාව විය. ආරම්භයේ සිට අවසානය දක්වා දර්ශක ඉහළ ගිය අතර ගනුදෙනු අවසන් කරන පසු සියලු කොටස් මිල සම්බන්ධයෙන් වාර්තාගත තත්වය තවත් වටයකින් දියුණු වී තිබුණි.

ප්‍රවාහන උප අංශයේ කොටස් හිමි සමාගම්වලට තිබුණ අවධානය කැපී පෙනේ. රථ වාහන ගෙන්වන අවසරය නිකුත් කිරීමෙන් පසු රජය අපේක්ෂිත ප්‍රමාණය ඉක්මවා ආනයනයට සූදානමක් තිබීම හා ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් දක්වා විනිමය නිදහස් කිරීම ගැන මෙහි දී අවධානය යොමු වී ඇති බව නිසැකය. මෙම වාහන ගෙන්වීමෙන් පසු මෙරට බැංකු හා මුල්‍ය ආයතන වලින් සපයන ණය හා ලීසිං හේතු කොටගෙන බැංකු හා මුල්‍ය අංශයේ ප්‍රගතියක් ද අපේක්ෂා කරනන අතර එය පෙරදැරිව එම ක්ෂේත්‍රයේ සමාගම්ල කොටස් සඳහා ද ප්‍රමාණාත්මක ඉල්ලුමක් ලැබී ඇත. මෘදුකාංග හා ඩිජිටල් සේවා සහ සන්නිවේදන අංශ සඳහා ද අවධානය යොමු වී තිබුණි. 

ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,521.06 ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 182.61 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,102.58 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 21.52 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 9.29 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 45,014 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 261.2 ක් විය. සමාගම් 172 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 94 කි. දිනයේ ආරම්භයේ දී සැලකිය යුතු ඉල්ලුමක් තිබුණ නමුත් පසුව තියුණු පසුබැසීමක් අවසානයේ දී හොඳ ස්ථාවර භාවයකට පැමිණ ගනුදෙනු හැසිරෙන ආකාරයක් නිරීක්ෂණය කළ හැකි විය. 

ලංකෙම් සමාගම කොටස් හිමියන් සඳහා මිල දී ගත හැකි වරණීය කොටස් නිකුතුවක් ප්‍රකාශයට පත් කරයි. සී.එම්. හෝල්ඩිං සිය කොටසක වටිනාකම අඩුවන පරිදි කොටස් ඛණ්ඩනයක් යෝජනා කර තිබේ. මෙම සතියේ ආරම්භයේ මුල් දින දෙක තුළ විදේශික මිල දී ගැනීම්වල දියුණුවක් දක්නට ලැබේ. නමුත් තුන් වැනි දිනයේ දී කොටස් විකිණීමට නැඹුරුවක් විය. 

නිරීක්ෂක



අදහස් (0)

ප්‍රතිලාභ සහිත සමාගම්වලට යහපත් ඉල්ලුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site