IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වැලිබල් ෆිනෑන්ස් PIAGGIO ත්‍රිරෝද රථවලට ලීසිං විසඳුම් ලබා දීමට සිංගර් ශ්‍රී ලංකා සමග එක්වෙයි

වැලිබල් ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව සහ සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන යන මහත්වරු සහයෝගිතාවට අදාළ ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. එම අවස්ථාවට එක්ව සිටි ආයතන දෙකෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයද ඡායාරූපයේ වෙයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනවල ප්‍රමුඛයා වන වැලිබල් ෆිනෑන්ස් Piaggio ත්‍රිරෝද රථ සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන සිංගර් සමග නිල වශයෙන් හවුල්කාරීත්වයක් ඇතිකර ගන්නා ලදී. මෙම සුවිශේෂී හවුල්කාරීත්වයෙහි අරමුණ වන්නේ ගනුදෙනුකරුවන් වෙත නව්‍ය හා පහසු ලීසිං විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකාව පුරා ගනුදෙනුකරුවන් වෙත Piaggio ත්‍රිරෝද රථ මිලදී ගැනීමේ පහසුව උදාකර දීමයි. 

වැලිබල් ෆිනෑන්ස් සහ සිංගර් ශ්‍රී ලංකාහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් විසින් මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම හා හවුල්කාරිත්වය පිළිබඳ නිල වශයෙන් නිවේදනය කිරීම පසුගියදා සිදුවිය.

ඒ අනුව මෙම හවුල්කාරීත්වය හේතුවෙන් ගනුදෙනුකරුවන් හට Piaggio ත්‍රිරෝද රථ මිලදී ගැනීමේ දී වැල්බල් ෆිනෑන්ස් වෙතින් සුවිශේෂී ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව උදාවේ. විශේෂයෙන්  ත්‍රිරෝද රථයක අවශ්‍යතාව සහිත ව්‍යවසායකායන් හා කුඩා ව්‍යාපාර හිමිකරුවන් තමන්ට ගැළපෙන ආකාරයේ මූල්‍ය විසඳුම් සමඟින්  Piaggio ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇත.

කාර්යක්ෂමතාව, ඉන්ධන පිරිමැස්ම ඇතුළු සුවිශේෂී ගුණාංග රැසකින් යුත්  Piaggio ත්‍රිරෝද රථ මේ වන විට නාගරික මෙන්ම ග්‍රාමීය පළාත්වල ගනුදෙනුකරුවන්ගේ විශ්වාසදායි තේරීමක් බවට පත්ව ඇත. වැලිබල් ෆිනෑන්ස් හි සුවිශේෂී ලීසිං සැලසුම් සහ සිංගර් හි සුවිසල් බෙදාහැරීමේ ජාලය එක්ව ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන් වෙත මෙම ප්‍රතිලාභ ලබා දීමට කටයුතු සිදුකර ඇත.



අදහස් (0)

වැලිබල් ෆිනෑන්ස් PIAGGIO ත්‍රිරෝද රථවලට ලීසිං විසඳුම් ලබා දීමට සිංගර් ශ්‍රී ලංකා සමග එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site