IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ විශාල ආයතන සඳහා හොඳම බැංකුව HNB

යුරෝමනී ඇගයීමක්

හැටන් නැෂනල් බැංකුව 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී (Euromoney Awards for Excellence 2025) ශ්‍රී ලංකාවේ විශාල සමාගම් සඳහා හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක්වූ අතර මෙම සම්මානය රටේ විශාලතම සමාගම් සහ ආයතන සඳහා විශ්වාසදායක බැංකු සහකරුවකු ලෙස HNB හි ස්ථානය නැවත තහවුරු කරයි.
මෙම සම්මානයෙන් ගනුදෙනු බැංකු සේවා (ව්‍යාපාර සඳහා ගෙවීම් සහ මුදල් ප්‍රවාහ කළමනාකරණය), ව්‍යාපෘති මූල්‍යකරණය (විශාල ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම), වෙළෙඳ සේවා (ආනයන/අපනයන සඳහා උපකාර කිරීම) සහ cross border ණය දීම (වෙනත් රටවල් සම්බන්ධ වන ණය) වැනි විවිධ ක්ෂේත්‍රවල HNB ශක්තිමත් ලෙස වර්ධනය වන බව පෙන්නුම් කරයි. තවද 2024 Euromoney Awards for Excellence  හිදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව‘ සහ ‘ශ්‍රී ලංකාවේ SMEs සඳහා හොඳම බැංකුව’ යන ගෞරවනීය සම්මානවලින් පසුව මෙම සම්මානය දිනා ගැනීම විශේෂත්වයක් වන අතර එමගින් බැංකු ක්ෂේත්‍රයේ සෑම අංශයක් හරහා HNB හි නායකත්වය පෙන්නුම් කරයි.  
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා මෙසේ පැවසුවේය. “මෙම සම්මානය මගින් අප ගොඩනගා ඇති හවුල්කාරිත්වයන්හි ශක්තිය සහ ශ්‍රී ලංකාවේ ආයතනික ක්ෂේත්‍රයට අප සහයෝගය දක්වන ආකාරය පිළිබඳව බැංකුවට පැහැදිලි ඉලක්කයක් සහ අවධානයක් ඇති බව පෙන්නුම් කරනවා- පසුගිය වසර පුරාවට අපි ස්ථාවර වර්ධනයක් අත්කර ගැනීම, සේවාදායකයන් සමග සමීප සබඳතා ගොඩනගා ගැනීම සහ අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතරම අවදානම් පරෙස්සමෙන් කළමනාකරණය කරනු ලැබුවා. මෙම සමබරතාව අපට සාර්ථකව ඉදිරියට යාමට විශ්වාසය ලබා දුන්නා.” 
2024 දී HNB හි ආයතනික බැංකු අංශයේ මුළු ණය සැලකිය යුතු ලෙස වර්ධනය විය. ඒ සමගින් වත්කම්වල ගුණාත්මකභාවය වැඩිදියුණු වූ අතර Stage 3 ප්‍රතිපාදන ආවරණය සඳහා වැඩි මුදලක් වෙන් කළේය- තවද මෙම අංශය වසර දහයකට පසු එහි ඉහළම CASA වර්ධනය ද වාර්තා කළේය.
ෆිච් රේටින්ග්ස් ලංකා විසින් HNB හි ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම AA- (lka) ක් ලෙස ඉහළ දමා ඇත. තවද බැංකුවේ ගෝලීය ස්ථාවරත්වය සහ මූල්‍යමය ශක්තිය පිළිබිඹු කරමින් එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් ‘ලෝකයේ හොඳම බැංකු 1000’ අතරට ද HNB ශ්‍රේණිගත කර ඇත. මීට අමතරව පාරිභෝගික බැංකුකරණය තුළ සිය ස්ථානය අඛණ්ඩව තහවුරු කරමින් “ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව”  ලෙස ඒෂියන් බෑන්කර් සඟරාව විසින් 15 වැනි වරටත් HNB ගෝලීය වශයෙන් ඇගයීමට ලක් කර තිබේ. 
තවද ඉන්දියානු වාණිජ මණ්ඩලය ICC විසින් තුන්වැනි වරටත් සංවිධානය කරන ලද ආසියානු බැංකු සම්මේලනයේ සම්මාන උළෙලේදී HNB ‘ලාභදායිතාවේ හොඳම කාර්ය සාධනය’ උදෙසා ඇගයීමට ලක් විය- 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ විශාල ආයතන සඳහා හොඳම බැංකුව HNB

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1266 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site