භානුක අමරසිංහ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන නිල සංචාරයට සමගාමීව පැවැත්වෙන වෙළෙඳ සහ ආයෝජන හමු සඳහා සහභාගිවීමට ලංකා වාණිජ මණ්ඩලයට සම්බන්ධ ශ්‍රී ලංකා - ජපාන ව්‍යාපාර කවුන්සිලයේ නියෝජිතයන් පිරිසක් සහභාගි වන බව එම මණ්ඩලය පවසයි. මෙම නිල සංචාරය සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා පැවැත්වෙයි.
මෙහිදී විවිධ කර්මාන්ත අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයන් 18 දෙනකුගෙන් යුත් ඉහළ මට්ටමේ ව්‍යාපාරික නියෝජිතයන් පිරිසක් මේ සඳහා සම්බන්ධ වන බව සඳහන් වෙයි. මෙම කණ්ඩායමේ නායකත්වය ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා විසින් දරනු ලබයි.
මෙම ගමනේ මූලිකම අවස්ථාව ලෙස ජපානයේ වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය (JCCI), ජපාන විදෙස් වෙළෙඳ සංවිධානය (JETRO සහ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශය (METI) සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සමග හවුල්කාරීත්වයෙන් ටෝකියෝ නුවරදී පවත්වන ව්‍යාපාර සංසදය වෙත මෙම කණ්ඩායම සහභාගි වෙයි. මෙම ඉහළ මට්ටමේ වේදිකාව දෙරට අතර නව වෙළෙඳාම, ආයෝජන සහ සහයෝගිතා අවස්ථා වෙත පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කර ඇතැයිද ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපතිගේ ජපාන සංචාරයට ලංකා වාණිජ මණ්ඩලයත් එක් වෙයි