
මෙරට ප්‍රමුඛතම කෝපි අවන්හල් ජාලය වන Java Lounge කළමනාකරණ අධ්‍යක්ෂිකා අනුරාධා මාලිමගේ හේරත් මහත්මිය වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලැබුවාය.
ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ එම සම්මාන උළෙලේදී වසරේ ව්‍යවසායිකාව (ජාතික මට්ටම), වසරේ ව්‍යවසායිකාව (බස්නාහිර පළාත), ජාතික රිදී සම්මානය (මහා පරිමාණ අංශය) සහ පළාත් රන් සම්මානය (මහා පරිමාණ අංශය - බස්නාහිර පළාත) ඇය දිනූ සම්මාන වේ.
Java Lounge රට පුරා විහිදුණු ශාඛා ගණනාවක් සහිත මෙරට විශාලම සහ වඩාත් විශ්වාසනීයම කෝපි අවන්හල් ජාලය බවට පත් කිරීමට ඇය සැපයූ විශිෂ්ට දායකත්වය එහිදී ඇගැයීමට ලක් විය. අනර්ඝ කෝපි පානයක් රස විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසන බැරිස්ටාවරුන්ගේ සිට මුළුතැන්ගෙය, බේකරි, සහ චොක්ලට් නිෂ්පාදන යන සියලුම අංශ නියෝජනය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සාමූහික ව්‍යායාමය වෙනුවෙන් ලැබුණු ඇගැයීමක් ලෙසද එය හැඳින්විය හැක. “අපගේ කළමනාකරණ අධ්‍යක්‍ෂවරිය වන අනුරාධා මාලිමගේ හේරත් මහත්මිය Java Lounge කාර්ය මණ්ඩලයද සමග වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් වීම අපට විශාල ආඩම්බරයක්. නායකත්වය සඳහා ලැබුණු පිළිගැනීමකටත් වඩා කැපවීමෙන් යුතුව පාරිභෝගිකයන්ට ඉතා ඉහළ සහ ගුණාත්මක සේවාවක් සැපයීම වෙනුවෙන් සමස්ත කාර්ය මණ්ඩලයට ලැබුණු ඇගැයීමක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. බැරිස්ටාවරුන්ගේ සිට බේකරි, චොක්ලට්, මෙහෙයුම් සහ අනෙකුත් සහායක අංශවල සේවය කරන සියලු දෙනාටම මේ සම්මාන අයිතියි.” ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Java Lounge වෙත Sri Lankan Entrepreneur of the Year සම්මාන හතරක්