IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක

මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට කරවනැල්ල වෙළෙඳ නගරයට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ ඉදිකිරීම් අමුද්‍රව්‍ය ව්‍යාපාර කටයුතුවල නියුතු සමරපාල හාඩ්වෙයාර් වෙළෙඳ ආයතනය වෙතටයි. එහිදී මේ දිනවල බිස්නස් කොහොමදැයි අප ඇසු පැනයට සමරපාල හාඞ්වෙයාර් හිමිකරුවන සුජිත් දේශප්‍රිය සමරපාල මහතා දැක්වුයේ මෙවන් අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද ?

මෙම දිනවල බිස්නස් ගැන කිව්වොත් බිස්නස් සාමාන්‍ය මට්ටමකට තමයි තියෙන්නේ. කොරෝනා කාලයේ බිස්නස්වල යම් කඩා වැටීමක් වෙලා තිබුණා. දැන් දැන් නැවතත් බිස්නස් එකක් ගොඩනැගෙමින් තියෙනවා.

බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද ?

මම මේ ව්‍යාපාරය ආරම්භ කරලා දැනට වසර 20ක් වගේ වෙනවා. පවුලේ ව්‍යාපාරයක් විදියටයි මෙම ව්‍යාපාරය කරගෙන යන්නේ. කොරෝනා කාලයේදී බිස්නස් පොඩ්ඩක් අඩුවෙලා තිබුණා. එහෙත් දැන් ඒ තත්වය පහව ගිහින් යළිත් බිස්නස් එක සාමාන්‍ය තත්වයට පත්වෙමින් තියෙන්නේ. 

දැන් දැන් නැවත වතාවක් මිනිස්සු සාමාන්‍ය විදියටම ගෙවල් ඉදිකරන්න, අලු‍ත්වැඩියා කරන්න නැඹුරුතාවක් දක්වනවා. ඒත් එක්ක පරණ විදිහටම බඩු ගන්න පාරිභෝගිකයෝ පැමිණෙනවා. අපිත් පුරුදු විදිහට ව්‍යාපාරය කරගෙන යනවා. භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයන්ගේ පැමිණිමත් එක්ක බිස්නස් එකට යළි පණක් ලැබිලා කිව්වොත් හරි.

බදුවලින් ලොකු බලපෑමක් අපට දැනට නම් නෑ. මේ වෙද්දී බඩු මිලේ ඉහළයාමක් වෙලා නෑ. හැබැයි තීන්තවල නම් අලු‍ත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. විකුණුම් මිල අඩුකරලා ගහලා. එහෙත් අපට දෙන ඩිස්කවුන්ට් එක අඩු කරලා. ඒ කියන්නේ ඉස්සෙල්ලා තීන්ත ටින් එකේ ගහපු ගණනෙන් සියයට 60ක ඩිස්කවුන්ට් දුන්නා. දැන් තින්ත ටින් එකේ ගහපු ගාන අඩු කරලා සියයට 40ක් විතර කරලා ඩිස්කවුන්ට්. එතකොට තින්ත එක අපිට ලැබෙන ගානන පොඩ්ඩක් වැඩියි. ඒ වගේ ගැටලු‍ත් තිබෙනවා.

ඡායාරූප සහ සටහන : හසිනි නවෝද්‍යා

 



අදහස් (0)

බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site