IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රු.බි.18කට මෙරට HSBC සිල්ලර බැංකු මෙහෙයුම් අත්පත් කරගැනීමට නේෂන්ස් ට්‍රස්ට් සැරසෙයි

ගනුදෙනුව 2026 මැද දී සම්පූර්ණ කිරීම අපේක්ෂාවයි


භානුක අමරසිංහ


හොංකොං ෂැන්ග්හයි බැන්කින්ග් කෝපරේෂන් හෙවත් HSBC බැංකුවේ මෙරට ශාඛා මගින් පවත්වාගෙන ගිය සිල්ලර බැංකුකරණ ව්‍යාපාර කටයුතු අත්පත් කරගැනීමට යෝජනා ඉදිරිපත් කරන බව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පවසයි. මෙම අත්පත් කරගැනීමට අදාළ එකඟතාවට අත්සන් තැබීම ඊයේ (24) දිනයේදී සිදු කළ බවත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් පවසා තිබේ.
ඒ අනුව රුපියල් බිලියන 18ක් සහ ඊට අදාළ බදු ඇතුළත් වටිනාකමකට මෙම අත්පත් කරගැනීම සිදු කරගත් බව සඳහන් වෙයි. මෙම ගනුදෙනුව 2026 වසරේ පළමු අර්ධයේදී සම්පූර්ණ වනු ඇති බවත්, ඒ සඳහා මහ බැංකුවේ නියාමන අනුමැතිය මෙන්ම අදාළ එකඟතාවට ඇතුළත් කොන්දේසි සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමක් අවශ්‍යව ඇති බවත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වැඩිදුරටත් පවසයි.
මෙම අත්පත් කරගැනීමත් සමගින්ම HSBC  බැංකුව මගින් මෙරට තුළ ක්‍රියාත්මක කරන ලද සිල්ලර බැංකුකරණ ව්‍යාපාරයට ඇතුළත් වන ඉහළ මට්ටමේ ගනුදෙනුකරුවන්, ක්‍රෙඩිට් කාඩ්පත්, සිල්ලර ණය සහ ලක්ෂ දෙකකට ආසන්න බැංකු ගිණුම් සතු පාරිභෝගිකයන් ඇතුළත් වන බව පැවසෙයි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ජෝන් කීල්ස් සමූහයට අයත් මහ බැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවකි.



අදහස් (0)

රු.බි.18කට මෙරට HSBC සිල්ලර බැංකු මෙහෙයුම් අත්පත් කරගැනීමට නේෂන්ස් ට්‍රස්ට් සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site