IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ප්‍රාග්ධන පදනම ශක්තිමත් කරයි

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් PLC සමාගම සිය වර්ධනය තහවුරු කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතාවලට අනුකූල වන ලෙස ප්‍රාග්ධන පදනම ශක්තිමත් කර ගැනීමට කටයුතු කර ඇත. එහි දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති සියයට 12.5ක් වන ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතය ඉක්මවා යමින්, 47.9 ක ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතයක් වාර්තා කිරීමට සමත් වූ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම, එමඟින් එම සමාගමේ ස්ථාවරත්වය, නවෝත්පාදන ශක්තිය සහ දිගු කාලීන වටිනාකම් නිර්මාණය කිරීම සඳහා කැප වීම පිළිබිඹු වේ.
2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වසර සඳහා, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම, සිය ඉලක්ක ගත මෙන් ම සුරක්ෂිත ණය ලබා දීමේ ක්‍රියාවලිය නිවැරදි ලෙස මෙහෙයවීම හරහා රුපියල් මිලියන 145.13 ක ලාබයක් වාර්තා කිරීමට සමත් විය. එමෙන් ම සිය පරිභෝගික ජනතාව වෙත කාර්යක්ෂම මෙන් ම වඩාත් පහසු සේවාවක් ලබා දීම සඳහා ලීසිං, ස්ථාවර තැන්පතු, රන් ණය සහ වාහන ණය ඇතුළු ප්‍රධාන සේවා ඩිජිටල්කරණයට ලක් කිරීම වෙනුවෙන් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම නිරන්තරයෙන් කැප වන බව ද පැවසිය යුතු ම කරුණකි. 
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම වර්ධනය කරා මෙහෙයවන නව නායකත්වය මෙසේයි. ධනුෂ්ක ෆොන්සේකා - ප්‍රධාන විධායක නිලධාරි,  දර්ශන සෙනරත් - ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, ඉඳුනිල් ජයවර්ධන - සාමාන්‍යාධිකාරී (ණය හා අවදානම් කළමනාකරණ), පුබුදු දයාරත්න - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා සංවර්ධන), වසන්ත පැටිකිරි - සහකාර සාමාන්‍යාධිකාරී (නීති),■ එරන්ද විතාන - සහකාර සාමාන්‍යාධිකාරී (අය කර ගැනීම්).
මෙම වර්ධනීය ගමන් මඟ පිළිබඳ ව සමාගම පවසන්නේ, “අපගේ ප්‍රාග්ධන ශක්තිය, නව නායකත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදන කෙරෙහි අවධානය යොමු කරමින්, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම සිය සේවා කළඹ පුළුල් කිරීමට සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වසනීය හවුල්කරුවෙකු ලෙස සිය භූමිකාව ප්‍රශස්ත කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙනවා” යනුවෙනි.



අදහස් (0)

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ප්‍රාග්ධන පදනම ශක්තිමත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site