පෙම්වතියට රැකියාවක් ලැබුණාම පෙම්වතාගේ රැකියාව අප්පිරියාවෙලා
ඔහු නගරබද ජීවත්වෙන විසිපස් වියැති තරුණයෙකි. රැකියාව වාහන සර්විස් ආයතනයකය. ගම්බද තරුණියක වූ ඔහුගේ පෙම්වතියගේ උවමනා එපාකම් ඔහු නිතර සොයා බැලුවේය. වැටුප් ලද විට ඇයට ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් ගෙනවිත් දීම ඔහුගේ සිරිතය.