අරගලකරුවන්ට පහරදීම ව්‍යවස්ථා විරෝධියි
ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට යැයි පවසමින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්ව පැය 24ක් යන්නටත් මත්තෙන් ජනතාවගේ ප්රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කඩකර ඇති ඇති බවත්, අරගලකරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.