අගමැති දිනේෂ් වැඩ අරඹයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධුරයේ සුබ මොහොතින් අද (25) පෙරවරුවේ වැඩ බාර ගත්තේය. 25 July 2022
විදුලි රැහැනෙන් ආ මරුවා දරුවා ඩැහැ ගනී වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදෙශයේ ඥති නිවසක සෙල්ලම් කරම්න් සිටි 11 හැවිරිදි දරුවකු විදුලි සැර වැදි මියගොස් ඇතැයි පොලිසිය කියයි . 25 July 2022
බල ශක්තියේ බලය විදේශයන්ට ලබාදීම ඉතා භයානක තත්ත්වයක් බල ශක්තියේ බලය විදේශයන්ට ලබාදීම රටත් ජනතාවත් ඉදිරියේදී මුහුණ දෙන ඉතා භයානක තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 25 July 2022
කබ්රාල්ගේ විදෙස් තහනම තවදුරටත් දීර්ඝ කරයි බැඳුම්කර වංචාවක් සිදුකලැයි කියන සිද්ධිය සම්බන්ධයක් විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ එම තහනම ලබන ඔක්තෝම්බර් මස 26 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25) නියෝග කෙළේය. 25 July 2022
පළාත් හතරකට වැස්ස උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ඉදිරි දිනවල දී සවස් කාලයේ වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 July 2022
මංකි ෆොක්ස් ලංකාවට එන්න පුළුවන් මංකි ෆොක්ස් රෝගය ශ්‍රී ලංකාවටද ඇතුළු වීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 25 July 2022
වැල් දොඩම් වගාවට වැලේ වැල් නෑ මෙරටට ඩොලර් ඉපයීම සඳහා මීට වසර ගණනාවකට ඉහතදී කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගොවීන්ට හඳුන් වැල් දොඩම් වගා විනාශ වීමේ තර්ජනයකට ලක් ව ඇතැයි ගොවීහු පවසති. 25 July 2022
අපේ ගුවන් හපන්නු එතෙරත් වැඩ පෙන්නයි මාධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව රාජකාරියේ නිරතව සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය මාධ්‍යම අප්‍රිකානු ජනරජයේ සන්නද්ධ හමුදාවට එරට ක්‍රියාත්මක කැරළිකාර කණ්ඩායමක් කළ ප්‍රහාරයක් සාර්ථකව වැලැක්වීමට දුන් සක්‍රිය දායකත්වය එරට සාමසාධක හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඩැනියෙල් සිඩ්කි ට්‍රෝරේ මහතා ඇගයීමට ලක්කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. 24 July 2022
ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතියේ (ITJP) නීතිඥයන් පිරිසක සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත පැමිණිල්ලක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 24 July 2022
22 අනිද්දා මැති සබයට විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සහ දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය වගන්ති ඇතුළත් කරමින් සැකසුණු විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අනිද්දා( 27) බදාදා ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 24 July 2022
ඉන්ධන පෝලිමේ තවත් මරණයක් පිළියන්දල මඩපාත ඉන්ධන හල අසල පෝලිමේ රැඳී සිටි 56 හැවිරිදි පුද්ගලයකු හදිසියේ අසනීප වී පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 24 July 2022
ඉන්ධනහලේ වලිය අතරුතුර ගිනි අවියක් එළියට අවමගුලකට සහභාගීවීමට පෞද්ගලික මගී බස් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් හා අලව්ව,මොරවලපිටිය ඉන්ධනහල අසල ඉන්ධන පෝලිමේ සිටි පිරිසක් සමග බහිම් බස් වීමක් ඉන්ධන පෝලිමේ සිටි අයකුට වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන පුද්ගලයකු ඇතුළු හය දෙනකු අත්ඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 24 July 2022
මාස හතට ලක්ෂ එකහමාරක් එතෙර රැකියාවලට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලාංකිකයන් 150,000 කට අධික සංඛ්‍යවක් ජනවාරි මස සිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 24 July 2022
සවුත්වේල්ස් සරසවියට මෙරට සිසුන් ගැනීම නවතී මහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවලට මෙරට සිසුන් බඳවා ගැනීම නවතා ඇතැයි එහි ඉගෙනුම ලැබීමට වීසා අයදුම් කර ඇති සිසුවෝ පවසති. 24 July 2022
කහවත්තේ පතලක් කඩා වැටී අයෙක් මරුට කහවත්ත නාවලකන්ද ප්‍රදේශයේ මැණික් පතලක් කඩා වැටීමෙන් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 24 July 2022
යතුරු පැදිය පිරවුම්හල අසල දී ගිනිගෙන දැවෙයි හිඟුරක්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගෙන නැවත පණගන්වා ගමන් ආරම්භ කළ යතුරුපැදියක් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට මාර්ගයේදී ගිණීගෙන විනාශ වී ඇති බව හිගුරක්ගොඩ පොලිසිය කියයි. 24 July 2022
නව ජනාධිපති සමග පළමු ආණ්ඩු පක්ෂ රැස්වීම අනිද්දා ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (26) පස්වරුවේ පැවැත්වේ. 24 July 2022
ගෝඨා ගෝ ගමට පහරදීම ගැන විවාදයක් බදාදා අරගලකරුවන් කොළඹ ගෝල්ෆේස්’’ ගෝඨා ගෝ ගම’’ අරගල භූමියෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්වූ විවාදයක් පාර්ලිමේන්තුවේදී අනිද්දා(27) පැවැත්වීමට නියමිතය. 24 July 2022
රාජ්‍ය සේවකයන් තව මාසයක් නිවසේ සිට වැඩ රාජ්‍ය ආයතනවල සේවකයන්ට තවත් මාසයක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව සලසමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නව චක්‍රකල්ඛයක් නිකුත් කර ඇත. 24 July 2022
සාමකාමී විරෝධතා අයිතිය රකිනවා සාමකාමී,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාව සැම විම කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. 24 July 2022
දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන් දුම්රිය ස්ථානාධිපතිවරු ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වෙමින් ඊයේ (23) පස්වරු 6.00 ට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එකඟ වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 24 July 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන බවක් තාම පේන්නට නෑ සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන බවක් තවම පෙනෙන්නට නොමැති බවත්, තම පක්ෂයට ද මෙතෙක් කිසිඳු ආරාධනයක් ලැබී නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 24 July 2022
මාතර ගෝඨා ගෝගමට ප්‍රහාරයක් මාතර ගෝඨාගෝගමට ඊයේ රාත්‍රි කාලයේ කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බව එහි සංවිධායකයෝ පවසති. 24 July 2022
දකුණේ පාසල් සතියේ දින පහම:සෙසු පළාත්වල සතියට දින තුනක් රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 24 July 2022
කඳසුරිඳු පිහිට පතා පා ගමනින් එන බැතිමතුන්ට විශේෂ ආරක්ෂාව කතරගම ඇසල මහ පෙරහරට සහභාගී වීම සඳහා නැගෙනහිර සිට පා ගමනින් එන බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසන ලෙස කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. 24 July 2022
වල් අලි ප්‍රහාරයෙන් අයෙක් මරුට:අයෙක් රෝහලට මිහින්තලේ මහකනදරාව රක්ෂිතයේ මී කැඩීමට ගිය දෙදෙනකුට වල් අලි පහරදීමෙන් එක් අයකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ,අනෙක් තැනැත්තා රක්ෂිතය තුළම මියගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය කියයි. 24 July 2022
ජාතික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ජාතික සභාවක් පිහිටුවනවා ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන ජාතික සභාවක් පිහිටුවීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය. 24 July 2022
දකුණේ පළාත් පාසල් සතියේ දින පහම විවෘතයි දකුණු පළාත් සභාව යටතේ පාලනය වන සියලුම පාසල් හෙට (25) සිට සතියේ දින පහම පැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි. 24 July 2022
ඉන්ධන හැංගුවට වසර තුනක අත්හිටවූ සිරදඬුවමක් ඉන්ධන තොග සඟවා පාරිභෝගික ජනතාවට ඉන්ධන නොමැති බවට අසත්‍ය ප්‍රකාශ සිදු කර තමන් සතුව තිබූ ඉන්ධන අළෙවි නොකළැයි කියන චෝදනාවට වරද පිළගත් අනුරාධපුර ගුවන් තොටුපොළ පාරේ ඉන්ධන හලක කළමනාකරුවට මාස තුනක සිර දඬුවමක් නියම කළ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය එම සිර දඩුවම වසර තුනකට අත් හිටුවීමට නියෝග කළාය. 24 July 2022
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව 6දා නැවත අරඹයි සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ දෙවැනි අදියර ලබන අගෝස්තු මස 6 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා අද (24) පැවසීය. 24 July 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026