(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (26) පස්වරුවේ පැවැත්වේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙය වේ.
හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම මෙන්ම ,සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ද්විත්ව පුරවැසිභාවය හිමි නොවන පුද්ගලයින් අපේ ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුව තුළම සිට කොපමණ දූෂණ සහ අයතා මුදල් ගනුදෙණු කරතිබේද ? එම චෝදනාවලින් නිදොස් කර නිදහස් වී තිබේද? වෙනත් රටවල මුදල් තැන්පත් කර තිබේද? ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සමයේ සහ ඉන්පසුවද ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් පාර්ලිමේන්තුවේ සිටියේය. ලෝකයේ ආයතන මගින් ණයට මුදල ලබාගෙන පවත්වාගෙන යන්නා වූ රටක් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් හට මෙවැනි අවහිර කිරීමක් නොකළ යුතුවේ. නමුත් යම් ආකාරයක නීතියකට යටත් කළ යුතුවේ. දෙවනුව අලුත් යෝජනාවක් ඉදිරිපත් කරමි. මින් ඉදිරියට පාර්ලිමේන්තුවට පත්වන සියලු දෙනාම දිවුරුම් දීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කරන බවටද, ශ්‍රී ලංකාව තුළ වෙනම රජයක් පිහිටුවීමට ඍජුව හෝ වක්‍රව ශ්‍රීලංකාව තුලදී හෝ ඉන් පිටතදී ආධාරදීම, අනුබලදීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම හෝ ධෛර්යය දීම, නොකරන බවටද ප්‍රතිඥා දෙමි. පාර්ලිමේන්තුවේ සහ සියලු රාජ්‍ය නිලධාරීන්ද මෙම දිවුරුම් දීම කළයුතු වේ.
අමතක වෙලා අතිගරු කියන්නේ එහෙම නෑ ඔන්න හරිද?
ජනපතිතුමනි, දූෂිත පවුල් පාලනය නිසා විනාශ වූ රට බාරගෙන අනුන්ගේ කුණු කන්දල් වලට පැත්තක සිටි ඔබතුමා කරගැසුවේය. අද රාජපක්ෂවරුන් කිසිවක් නොදත් අය සේ නිහඬ වී සිටිති. එදා මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු මැරයන් කණ්ඩායම සාමකාමී අරගලයට පහරදීම නිසා මුළු රටම මහා විනාශයකට පත්විය. ඒත්, ඔහු තාමත් නිදැල්ලේය. ඔහුට නීතිය ක්‍රියාත්මක වන බවක් නම් නොපෙනේ. එහෙත්, අනිත් පාර්ශවයට නීතිය ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වන පෙනේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත්වන සැමට නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුයි...
හදිසි නීතිය සම්මත කරගන්න එක තමයි මේ අයට හදිස්සි වෙලා තියෙන්නේ... රතිඤ්ඤා දාපු අයට කවදාවත් තේරෙන එකක් නැහැ ඔවුන් කළ වැඩේ මොකක්ද කියලා... නාකි ගොන්නු හින්දා වලපල්ලට යන ලෝකයේ පළමු රට...