(විමුක්ති එස් රුද්‍රිගු)
මහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවලට මෙරට සිසුන් බඳවා ගැනීම නවතා ඇතැයි එහි ඉගෙනුම ලැබීමට වීසා අයදුම් කර ඇති සිසුවෝ පවසති.
2022 වසරේ සැප්තැම්බර් මස ඇරඹෙන නව කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකික සිසුන්ගේ අයදුම්පත් බාර ගැනීම නවතා ඇතැයි සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා සහ විදේශ විනිමය සීමා කිරීම් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇත.
දැනට සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් බොහොමයක් නියමිත වේලාවට පාඨමාලා ගාස්තු ගෙවීමට අපොහොසත් වී ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
ඒ හේතුවෙන් එම සිසුන් පාඨමාලාවෙන් ඉවත් කිරීමේ අවදානමකට මුහුණ දී සිටින බවත් බ්‍රිතාන්‍යයේ වීසා සහ ආගමන කාර්යාලයේ එම සිසුන් පිළිබඳ පැමිණිල්ලක් ගොනු වීමේ අවදානමක් තිබෙන බවත් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය පෙන්වා දුන්නේය.
එමගින් විශ්ව විද්‍යාලයට මෙන්ම සිසුන්ටද බරපතල ගැටළුවලට මුහුණ දීමට සිදුවන බව සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය ප්‍රකාශ කළේය.
දැනටමත් අයදුම්පත්‍රය අනුමත වී ඇති සිසුන් ඉතිරි පාඨමාලා ගාස්තුව ගෙවන ආකාරය ගැන පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බව සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය ප්‍රකාශ කළේය.
සියයට 50 ක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා ඇති සිසුන් හට ඉතිරි මුදල ගෙවීමට නොහැකි යැයි හැඟෙනම් එම මුදල ආපසු ලබා දෙන බව සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය පැවසුවේය.
2023 ජනවාරි-පෙබරවාරි කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට අයදුම් කළ හැකි වුණත් ඇතුළත් විමේදී සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවිය යුතු බව සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුළේ පුද්ගලික විශ්ව විද්‍යාල නැහැ, එළියේ ඒවලින් ඉගෙන ගන්න දෙන්න ඩොලරුත් නැහැ. තව ටික දවසකින් ලෝකයෙන්ම ප්‍රතික්ෂේප වුණු රටක් සහ ජාතියක්... ආඩම්බරයි...
කැළණිය විශ්ව විද්‍යාලය "පෙලපාලි" විශ්ව විද්‍යාලය කියලා හංවඩු ගැහුණ නිසා වුණු ප්‍රතිඵලය..!
අපි යන්නේ නියම පාරක... දැන්වත් මේ දේශපාලකයින්ට කඩේ යන එක නවත්තපල්ලා...
රනිල් ආවනේ දැන් ඔක්කොම හරියයි... දැන් බයියෝ කියන්නේ එහෙමයි...
රනිල්ලා, මහින්දලා එකතුවෙලා අපේ රටේ තරුණ පරපුරට දීලා තියන තෑග්ග තමයි මේ... !!!
මේකට මූලික හේතුව අපේ රටේ දේශපාලකයෝ කියලා තේරුම් ගන්නවත් මොලයක් නැති අය ඉන්නවා.
මේ රට එක තැන පල්වෙන්න හේතුව ඊනියා වාමාංශිකයින් සහ ජාතිවාදී බලවේග කියන එක මිනිස්සු දැන්වත් තේරුම් ගන්න ඕනෑ. හැම මගුලක්ම රාජ්‍ය ව්‍යවසාය යටතේ තියාගන්න ඕන කියන මෝඩයින් කෑ ගහලා උද්ඝෝෂණය කරලා මාරාන්තික උපවාස කරලා හැමදාම මේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ නැවැත්තුවා. ඔය මෝඩයින් පාලනය කරන්න වෙනම අරගලයක් පටන් ගන්න ඕනෑ. එදාට තමයි ලංකාව හදන්න පුළුවන් වෙන්නේ...
ලංකාවේ ඒජන්සියකින් එංගලන්තයට ඉගෙන ගන්න ආපු කෙනෙක් ඔලුවට ලේන්සුවක් බැඳඟෙන රැවුලත් වවාගෙන කහපාට ඇඳුම ඇඳගෙන පාර අතුගානවා සිංහලෙන් කතා කරමින්.. කවදාකවත් මෙවැන්නක් නොදැකපු මම ඒක ඇහිලා ගැස්සුනා දෙලොව රත්වෙලා ! ඇහුවා සිංහලෙන්ම මොකද මේ...? මට කීවා මම මෙහෙ ආවහම ගෙනාපු සල්ලී ඉවර වුනා. ඉඳුම් හිටුම් තැනින් යන්න උනා ඊට පස්සෙ මට ඉන්න කාමරයක් දුන්න යුරෝපෙ කෙනා කිව්වා එයා රස්සාව කරනකොට එයාත් එක්ක ඇවිල්ලා ඒකට උදව්කරන්න කියලා.. මගෙ අම්මවත් මේව දන්නේ නැහැ කියලා..! මගෙ අම්මට එවන්න සල්ලි නැහැ.. මම පුදුම කට්ටක් කනවා... මට දුකම හිතිලා දවල්ට කන්නත් අරන් දීලා.. දින කිහිපයකට පසු නවාතැනක් අඩු මුදලකට හොයා දුන්නා කඩේක කැෂියර් රස්සාවක් එක්ක..!
මේ විශ්වවිද්‍යාල වල කියල සුවිශේෂී බවක් නැහැ. සුපිරි මොළ නිර්මාණය කරන්නවත්, සුපිරි දක්ෂතා නිර්මාණය කරන්නවත් ලංකාවේ හෝ වෙන කොහේ හෝ වේවා විශ්ව විද්‍යාල වලට නැති සුවිශේෂී හැකියාවක් මොවුන්ටත් නැහැ. සිදුවන්නේ මේ වගේ පිළිගත් විශ්ව විද්‍යාලවලට යන අයගේ ආත්ම විශ්වාසය වැඩිවීමත්, ඔවුන්ට අවස්ථාව ලබා දීමට බොහෝ දෙනා ඉදිරිපත් වීමත් පමණයි.
මධ්‍යම දනපති පන්තිය හාන්සියි . මීට පස්සේ පුද්ගලික විශ්ව විද්‍යාල වගේ ලොකු වැඩ කොළඹ පුද්ගලික පාසැල්වල ඉගෙන ගන්න ඉහළ දනපති පංතියට විතරයි. උඹලා වතු වැඩ කුඹුරු වැඩ කුලීවැඩ රියැදුර මැටි වැඩ ගරාජ් කර්මාන්ත වගේ දේවල් ඉගෙන ගනිල්ලා . බල්ලොයි ගෙම්බොයි හැමෝම එනවා ෆඉව් ඉස්ටාර් වෙන්න . අරගලයට ජය!
ඉහත කමෙන්ට් වලින් අන්ලයික් දානවා කියන්නේ මේ අය රාජපක්ෂලාට ජාතක වෙච්ච අයමයි.
අධ්‍යාපනය කියන්නේ පන්ති පරතරයේ නැතිනම් මිනිසා මිනිසකු භාවිතා කිරීමේ පීතෘන්ය.
බොරු දාන්න එපා, කිසිම විදේශ විනිමය ගැටලුවක් ඇති වෙලා නැහැ, ලෝකයේ ඕනෑම විශ්වවිද්‍යාලයක් ලංකාවේ සිසුන් බඳවා ගන්නවා.
ඒකට මෙහේ.සියල්ල නොමිලේ.සේරමල්ලා මහපාරෙ.මෙහෙයවන එකා අවෘදු 9ක් වෙලත් උපාදිය සම්පූර්න කරල නෑලු.බොහොම හොදයි උද්ගෝසන කර කරම ඉදපල්ලා.සුරපුරය,මැවෙනකං.
ඔය අරගල කාරයො දැන් විරයො වගේ පෙනුනට උන් තමයි අපේ විශ්ව විද්‍යලවල වස්සල ඔය රට විශ්වවිද්‍යල වලට යවිල්ල පුරුදු කලෙ. මුන් අතුගාවිලා ගියොත් ආයෙත් මිනිස්සු අපෙ අධ්‍යපන ක්‍රමයට පුරුදු වෙයි. මිනිස්සු මැදපෙරදිග ගිහින් රටට විදේශ විනිමය එවනව. රටෙ මිනිස්සුන්ගෙ මුදල් සුරකන ව්යපාරිකයො ඒ ඩොලර් පිටරට යවනව. බොහොම අතලොස්සයි විදේශ විනිමය හොයන ව්යපාරිකයො ඉන්නෙ. අන්තිමෙ ලන්කාවෙ ඩොලර් ටිකත් එ රටවල් වලට ගෙවල හොදට ඉගෙනගත්තට පස්සෙ එරටෙම තිා ගන්නව. අන්තිම බලාපුවම අපි අපෙ රටෙ සල්ලි වලින් එ රටට එ රටට උගත්තු බිහිකරල දීල තියෙන්නෙ. මෙහෙ ඉන්න දුක්විදින මිනිස්සු අධ්‍යාපන වලට ගත්තු විදේශ නය අවුරුදු ානක් යනකල්ම ගෙවන්න වෙනව. ලන්කාවෙ පුද්ගලික විශ්වවිධ්‍යාල ඇරියත් එ ගෙවන මුදල් රටෙ ඉතිරි වෙනව. නමුත් පද්ගලික විශ්ව විඩ්යාල අරින්න ගියාම ඔය අරගල කාරයොම වෘත්තිය සංගම් එක්කල එකතු වෙල ැඩ වර්ජන කරනව. මෙව්වට දේසපාලකයින්ට බැනලවැඩක්නැනැ.
මොවුන්ගේ දැක්ම කොතරම් කෙටිද කියා තේරෙන්නේ අධ්‍යාපනයට කරන විනාසයෙන්. හිතු ගමන් නිවාඩු ප්‍රකාශ කරනවා, දැනටමත් දරුවන් වසරකට පාසල් පැවැත්විය යුතු දින ගණනින් අඩක් වත් සපුරා ගැනීමට නොහැකිව සිටින්නේ. කොරෝනා නිසා වසර දෙකකටත් වඩා කිසිදු වාර විභාගයකට මුහුණ නොදී ඉදිරියට යන සිසු කැලක් අනාගතයේ කෙලෙස නම් වලටම වැටුණු රටක් පරිපාලනය කරන්න ද? ජාත්‍යන්තර සමීක්ෂණ ආයතන අපගේ අධ්‍යාපනය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් පියවරින් පියවර පහල හෙලයි. ඉහල දැනුමක් අවැසි විදේශීය ආයෝජන මෙරට රැදී සිටීද... නව ආයෝජන එයි ද? විවෘත මනසින් ගැටලුව නිවැරදිව නිරාකරණය කරන්න. අපි පව්....
රට ආර්ථික වියසනයෙන් ගොඩ ගන්න තීරණ වෙනුවට මොවුන් ගන්නා පටු තීරණ මගින් අප රට ලෝකයේ දිළිදුම නුගත් ජාතියක් බවට පත් කරමින් සිටී. ඛනිජ තෙල් අර්බුධය පෙනී පෙනී කිසිදු ඉවක් බවක් නැතිව පෞද්ගලික වාහන වලට ඉන්ධන නිකුත් කලා. අවසානයේ පොදු ප්‍රවාහන පවත්වාගෙන යාමට ඉන්ධන නොමැති වූ විට පාසැල් වසා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කලා. මේ විනාස කරන්නේ රටේ අනාගතය නේද? ඇයි මේ හරක්ට මේ බව නොතේරෙන්නේ?
මේ රටේ මුදල් කොච්චර තොගයක් වසරකට ඉගෙනීම වෙනුවෙන් පිටට ඇදෙනවද. යුරෝපයේ විතරක් නෙවෙයි රුසියානු රටවල් චීනෙට ඔස්න්යාඔස්ට්‍රේලියාව්ටට බංගලාදේශයට පවා. මේ ඔක්කොම ඩොලර්. ඇයි අපේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන්ගන්න බැරි. වාමාංශික දේශපාලුවන්ගෙ හා වෛද්‍ය සංගමේ කුහකකම. ඔය දෙගොල්ලන්ගෙම ළමයි යසට රට ගිහින් උපාධියක් කරනව පුද්ගලික කැම්පස් වල. මෙහාට හොඳ නෑ.
ඕකයි අපේ රටේ හැටි
ළමයි නොගන්න එක හේතුවක් තමයි. කෝස් එකට කොටසක් ගෙවලා ගිහිල්ලා රට පනින එක...
ජාතික ප්‍රශ්නයක්... ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල ගහනම් දිස්ත්‍රික්ක පදනම මත ලැබෙන සීමිත වරමෙන් පමණක් අධ්‍යාපනය ලැබිය යුතුය. කොළඹ දිස්ත්‍රික්කයෙන් උපරිම සුදුසුකම් ලැබුවත් දිස්ත්‍රික්ක පදනමෙන් පිට අධ්‍යාපනය තහනම්... ඉතින් දෙමව්පියන් ළමුන්ව පිටරට යවන්න ගේදොර උකස් තියලා.. ඔහොම යමු ඔන්න ඕකයි තත්වේ...
මොන නිව් සවුත් වෙල්ස් ද පුතා? කොහේ ගියත් ඉගෙනගන්නෙ එකම දේ. ඇමෙරිකව, රුසියව, ඉන්දියාව චිනෙ හඳට රොකට් යවද්දි එංගලන්තෙ තවම බිම. ඒ්ක නිසා එහෙ ගිහින් ඉගෙනගෙන වැඩක් නැැ.
විනොදාන්ශෙට රොකට් ඇරපු රටේ, ඔරකල් ඩේටා බේස් පදනම් කරගෙන සිස්ටම් චේන්ජ් කරපු රටේ, කාබනික වගාවෙන් ලොව ස්වයමපෝෂිතවූ එකම රටේ ජීවත් වෙන "ජහමනයාට" ආයේ එංගලන්තේ මොන අධ්‍යාපනයක් ද හලෝ? ලංකාවේ ඉඳගෙන දුන්නේනුයි ඊතලෙනුයි වැඩ පෙන්වන කොට සුද්දොත් කොරවෙයි.