(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අරගලකරුවන් කොළඹ ගෝල්ෆේස්" ගෝඨා ගෝ ගම" අරගල භූමියෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්වූ විවාදයක් පාර්ලිමේන්තුවේදී අනිද්දා(27) පැවැත්වීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව අද(25) දිනයේ රැස්කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් පෙරේදා(23) ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තුව අද දිනයේ රැස් කිරීම සහ මන්ත්‍රීවරුන් කැඳවීම ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ප්‍රායෝගික වශයෙන් දුෂ්කර හෙයින් හදිසි නීති ගැසට් නිවේදනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුව අනිද්දා බදාදා රැස්වන අවස්ථාවේදී එම කාරණයද විවාදයට ගැනීමට රජය අදහස් කර ඇත.
පාර්ලිමේන්තුව අනිද්දා දිනයේ රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙයට පෙර තීරණය කළේ හදිසි නීතිය පිළිබඳ ගැසට් නිවේදනය සම්මත කිරීම සඳහා පමණකි.
අරගලකරුවන් පහරදී පන්නා දැමීම නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් හෙයින් ඒ පිළිබඳව සංවාදයක් ඇති කිරීම ඉතා වැදගත් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගෝඨා ගෝ ගමට පහරදීම ගැන විවාදයක් බදාදා
Sepala Sunday, 24 July 2022 03:16 PM
අනේ නිකන් බොරු නැතිව ඉන්න. අපි ඔයාලාව නැවත හමුවෙන්නම්...
ganegoda Sunday, 24 July 2022 10:25 PM
මාලදිවයිනට ටිකට් එකක් අරන් තියාගත්තා නම් තමයි හොඳ... හදිස්සියකට පිහිට වෙන්නේ ඒ වගේ දෙයක් විතරයි...
ganegoda Sunday, 24 July 2022 04:37 PM
ලැබෙන්න තියෙන ප්‍රහාර ගැන වාද විවාද ගැන පැවැත්වූවානම් නේද ඇඟට ගුණ?
BamunuarachchiTuesday, 26 July 2022 07:22 AM
ඔව් ඔව්, මුහුණු වහගත්තු කට්ටිය රෙඩි පිට ඉන්නවා දෙන්නම් පලු යන්න කියලා.
චන්දන Sunday, 24 July 2022 06:12 PM
ඒක තමයි කියන්නේ පාර්ලිමේන්තුව යනු වැඩකට ඇති වැඩක් කරන තැනක් නොවෙයි කියලා... මොවුන්ට ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න ගැන ගානක් නැහැ...
Saman Sunday, 24 July 2022 07:37 PM
පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ යුත්තේ මේ පිළිලයෙන් සමාජය ගලවාගන්නා ක්‍රමයයි.