
(අංජුල මහික වීරරත්න)
සාමකාමී,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාව සැම විම කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමඟ කොළඹ දී පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙි බව කීය.
නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි .
සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 21 වැනි වගන්තිය සහ සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම් පාලනය කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තිය රජය විසින් තහවුරු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
රජයේ ගොඩනැගිලි අවහිර කිරීමට සහ දේපොළ වෙනත් අරමුණුවලට යොදා ගැනීමට විරෝධතාකරුවන්ට අවසර ලබා නොදෙන බවට ඇමරිකා සිවිල් නිදහස් සංගමය ලබා දුන් උපදෙස්වල සඳහන් බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.
දේපළවලට හෝ ජීවිතවලට හානියක් නොවන පරිදි නගරයේ අවිහිංසාවාදී විරෝධතාවලට ඉඩ සැලසීම සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කළේය.
ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සඳහා විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව, හයිඩ් පාර්ක් සහ කැම්බල් පිටිය ලබාදෙන බවද ජනාධිපතිවරයා කීවේය.
ගෝඨා ගෝ ගම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීවෙි ආරක්ෂක අංශ විසින් එම ගම ඉවත් කර නොමැති බවත් වැරදි සමාජ මාධ්‍ය වාර්තා පළ වන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේක 88/89 නෙවෙයි.. ඔක්කොම වාර්තා තියෙනවා... ආමි එකෙන් ගහපු එකට...
"ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සඳහා විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව, හයිඩ් පාර්ක් සහ කැම්බල් පිටිය ලබාදෙන බවද ජනාධිපතිවරයා කීවේය. ගෝඨාගෝගම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීවේ ආරක්ෂක අංශ විසින් එම ගම ඉවත් කර නොමැති බවත්" - ඔබතුමා එම ස්ථාන හිතුමතේ වෙන් කර දෙන්නේ කෙසේද? විහාරමහාදේවි උද්‍යානය සහ කැම්බල් පිටිය නඩත්තු කරන්නේ කොළඹ මහ නගර සභාව නොවේද? ඒ සඳහා කොළඹ නිවැසියන්, ව්‍යාපාර ස්ථාන හිමිකරුවන් සහ ඉඩම් හිමියන්ගෙන් අය කරගන්නා වරිපනම් බදු යොදාගන්නවා නේද? එම උද්‍යාන පරිශ්‍රය සහ ක්‍රීඩාපිටිය භාවිතා කරන බාල, මහළු නගරවැසියන්ගේ කටයුතු සඳහා ඔවුන් මින්පසු යා යුත්තේ කොහේටද? දැන් අවශ්‍ය කෑ කෝගැසීම නොව සියලුදෙනා තම තමාගේ වැඩ කටයුතුවල නිරත වී, ආර්ථිකය සවිබල ගැන්වීමයි. එමෙන්ම නැවතත් කෝවිඩ් අවදානම වර්ධනය වෙමින් පවතින පසුබිමක මෙවැනි මහජනයා ඒකරාශි වන අවස්ථා අවම කිරීම පරිණත නායකයෙක් ලෙස ඔබතුමාගේ වගකීමකි...
ඔය සාමකාමී කියන කට්ටියට උද්ඝෝෂණ කරන්න ප්ලේස් වෙන්කරන්න ගිය පොරට අන්තිමට යන එන මං නැතිවුණා. ගෙවල් 80 පුච්චලා මන්ත්‍රී කෙනෙක් පාරේ කපලා මැරුවා. විකාර නැතුව දෙන්න ලොක්කා කටගාපු රන්කිරි මතක් වෙන්න. කෝ මැයි 9 වගේ ආවාද ලක්ෂ ගාණක් පෙරේදා යවපු එකට. ජේවීපී කවුන්සිල් සෙට් එකයි අන්තරේයි විතරයිනේ. කෝ බැරියර් පෙරාළාගෙන ආවද? නැහැනේ. කපා "කපා කෑලි කපා...." කිව්වාට වේවැල් පාරට අඬල ෆේස්බුක් දාන්නේ අම්මා තාත්තාවත් මෙහෙම ගැහුවේ නැහැ කියලා. දැන් කන්න වෙනවා කියලා දන්නවා. මිනිස්සුන්ටත් දැන් තිත්ත වෙලා...
අපි දැක්කා ආපු ගමන් අයිතිය රැක්ක ආකාරය. දැන් එනවා සුදුළූණු අඹරන්න. අනිත් කට්ටියට නම් පැනලා යන්න ඕනෑතරම් රටවල් තිබුණා.. මොන ක්‍රමයෙන් හරි හොයාගත්තා ඕනෑවටත් වැඩිය සල්ලිත් තිබුණා. මෙයාට ඒ මොකක්වත් නෑ. අනුන්ගේ පව්වලට කර ගහන්න ගිහින් මෙයාට යන්න වෙන දවසට යන්න වෙන්නේ හොම්බෙන් තමයි...
එතකොට කන්න බොන්න නැති මහජනතාව කරන්න ඕනේ මෙයා කියන තැන්වල...
බොරු බේගල් ගහලා ජනතාව අන්දවන්න හදන්නේ... නූල් සූත්තර කාරයින්ගේ වැඩ ගැන දන්නෝ දනිති. බලයට ආපු ගමන්ම ඇඳිරි නීතිය..., හදිසි නීතිය දැම්මා. කිසිම ජනවරමක් නැති කෙනෙක්... දූෂිත පවුල් පාලනේ අයව රකින්න ඇවිත්...!!!
සාමකාමී අරගලවල කොහෙද හමුදාවට ගහලා ආයුධ උදුරන්නේ...? ගෙවල් ගිනිතියලා, මිනීමරලා මංකොල්ල කන්නේ... කලින් හිටිය කෙනා වගේ නොවී නීතිය ක්‍රියාත්මක කරන්න. ආවේ නං කෑලි කැපුවත් යන්නේ නෑ කියලා...
මොනවා වුණත් අලුත් ජනාධිපති කළ එක හොඳයි. කාඩ්බෝඩ් වීරයින්ට නියම වීරයින් කවුද කියල පෙන්නුවා. කපා කපා කෑලි කපා සෙට් එකට දුන්නේ හැලි හැලි අඬ අඬා දුවන්න. ඔය වේවැල් කසාය විතරක් දීලා. බෙහෙත් හරියට දීලා නෙමෙයි. දැන් මානව හිමිකම් ගැන කියවන්න එනවා. කෝ මානව අයිතිවාසිකම්?
කෝ අර කුලියට දාන්නන්ගේ සංගමේ සාමාජිකයෝ ටික...? එන්නේ නැද්ද මෙතන රනිල් වෙනුවෙන් ඉන්න...
ඔබතුමා ජනාධිපති නම් රටේ නීතිය, සාමය ආරක්ෂා කිරීම ඔබගේ වගකීමයි. එක එක ගොන්කම් නඩත්තු කිරීම අවශ්‍ය නැත. මම කිසිදා ඔබට ඡන්දය දී ඇති අයෙක් නොවේ...