හිටපු ජනපති යළි එනවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැඟවී නොමැති බවත්, ඔහු යළිත් මෙරටට පැමිණෙන බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 26 July 2022
වාහනවලට දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කරයි ‘ජාතික ඉන්ධන බලපත්‍රය’යට අදාල කිව්.ආර්. කේතය අනුව මෙම සතියේ යතුරුපැදියකට පෙට්‍රල් ලීටර් 4 ක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 26 July 2022
ජරාවට ඉන්ධන ගන්න ගිහින් අමතක නොවන පාඩමක් පොම්පකරුට අල්ලස් නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉන්ධන ලබා ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයන්ට අමතක නොවන දඬුවමක් දුන් පුවතක් බණ්ඩාරගම ඉන්ධන හලක් අසලින් වාර්තා වේ. 26 July 2022
රනිල්ගේ මුක්තියට මෛත්‍රී හරස් වෙයි පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහු වගඋත්තරභාවයෙන් ඉවත් කිරීමට තමන් විරුද්ධවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද දැනුම් දුන්නේය. 26 July 2022
ප්රජාතන්ත්රවාදය වෙනුවට අද ඇත්තේ රාජ්‍ය ප්රචණ්ඩත්වයයි ප්රජාතන්ත්රවාදය වෙනුවට අද ඇත්තේ රාජ්‍ය ප්රචණ්ඩත්වය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 26 July 2022
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විරෝධතාවක ගෝඨා- රනිල් හවුල් ආණ්ඩුව පන්නා ජනතාවාදී ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙසත්, ජනතා මර්දනය , මාස හයක් ඇතුළත මැතිවරණයක් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ නවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (26) පැවැත්වේ. 26 July 2022
කලබලයක් නැතිව ඉන්ධන බෙදන තැනක් මනම්පිටිය ඉන්ධනහලට ලැබෙන ඉන්ධන රියදුරු සංගමය, ත්‍රීරෝද සංගමය සහ මනම්පිටිය ඉන්ධන පිරවුම්හලේ සේවකයන් එක්ව පොලිසියේද මැදිහත්වීම මත සියලු දෙනාට සාධාරණව ඉන්ධන බෙදා හැරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වෙයි. 26 July 2022
‘‘ආණ්ඩුව පන්නන්න දැවැන්ත බලවේගයක් හදනවා‘‘ රනිල් වික්‍රමසිංහ මහතාව මෙහෙයවන රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීම සඳහා පුළුල් බලවේගයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 26 July 2022
අගෝස්තු මාසයේදී සංශෝධිත අයවැයක් ඉදිරි මාස කිහිපය සඳහා වන සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 26 July 2022
කටපුංචා අම්බලන්ගොඩ වැඩ අම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම මාවතේදී අද(26) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 26 July 2022
ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා කපා කොටා මරා දමයි තියුණු ආයුධ රැගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී ඊයේ (25) රාත්‍රී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි 26 July 2022
ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට ඇතුලු වු 4ක් අත්අඩංගුවට ගාමුමුවදොර බණ්ඩාරනායක පිළිරුව සහිත ප්‍රදේශ ඇතුලු වීම වලක්වාලමින් අධිකරණ නියෝග නිකුත් කර තිබියදි එම ප්‍රදේශයේ රැඳී සිටි පුද්ගලයන් සිව් දෙනකු අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 26 July 2022
රාජ්‍ය ආයතන කිහිපයකට නව පත්වීම් රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා නව ප්‍රධානීන් පත් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පැවසීය. 26 July 2022
හදිසි නීති විවාදය හෙට හදිසි නීතිය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී හෙට (27) දවස පුරා පැවැත්වේ. 26 July 2022
මෙහෙකාරිය වැදූ දරුවා මැරුවයි දොස්තර අල්ලයි දරු ප්‍රසුතියෙන් පසු බිළිදු පිරිමි දරුවෙක් හුස්ම හිරකර ඝාතනය කර ළිඳකට දැමීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 26 July 2022
රජයේ කැබිනට් ප්‍රකාශක බන්දුල රජයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්කරනු ලැබ ඇත. 26 July 2022
ලක්ෂ 90ක රත්ත්රං හා වාලම්පූරියක් සමඟ 3ක් අල්ලයි රුපියල් ලක්ෂ 90 ට අධික වටිනා රන් ග්‍රෑම් 470 ක ප්‍රමාණයක් හා වාලම්පූරියක් නීති විරෝධි ලෙස ඩිංගි යාත්‍රාවකින් ඉන්දියාවට රැගෙන යාමට තැක් කළ සැකකරුවන් තිදෙනෙකු මන්නාරම පේසාලේ ප්‍රදේශයේ දී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 26 July 2022
අලුත් වන රක්ෂිතයක් නම් කරයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පලතිව් කලපුව අවට ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් මෙන්ම ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. 26 July 2022
ඉන්දියාවෙන් තවත් ආධාර තොගයක් තමිල්නාඩුවෙන් පරිත්‍යාග කළ ඩොලර් මිලියන 40 කට අධික වටිනාකමින් යුත් සහල්, කිරිපිරි සහ ඖෂධ ඇතුළු භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා අද (26) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පිරිනැමීය. 26 July 2022
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂවරු තිදෙනෙක් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් පත් කරනු ලැබ තිබේ. 26 July 2022
ගම්පහ යළි කොරෝනා අවදානමක් කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයෙහි හත් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු ඇති බවත් එම රෝගීන් රාගම රෝහලෙහි ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අංශ පවසයි. 26 July 2022
අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් කෙරේ සියලු අමාත්‍යාංශවල විෂය පථයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. 26 July 2022
ත්‍රිරෝද තෙල් මාෆියාවට ඇමතිගෙන් වැටක් සියලුම ත්‍රීරෝද රථ භාවිතාකරන්නන්ගෙන් ත්‍රීරෝද රථය අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි කළ යුතු බවත් ඉන්ධන ලබාගන්නා පිරවුම්හලක් මේ මස 31 දිනට පෙර නම් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 26 July 2022
උපකරණවලට ඉන්ධන දෙන්න ප්‍රා.ලේ. ළඟ ලියාපදිංචි වෙන්න උද්‍යාන උපකරණ, විදුලි ජනක යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය සෙසු උපකරණ භාවිතා කරන්නන් සිය සතියක ඉන්ධන අවශ්‍යතාව පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවත් ඒ සඳහා ඉන්ධන පිරවුම්හලක් ද නම් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 26 July 2022
පළාත් 6 කට වැසි බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 July 2022
පොදු තැනවල මුහුණු ආවරණය අනිවාර්යයි රටේ වර්තමානයේ පවතින ‘කොවිඩ් 19’ තත්වය සැලකිල්ලට ගෙන පොදු ස්ථානවල, ගෘහස්ථ රැස්වීම්වලදී සහ පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 26 July 2022
අපිට ටිවිටර් පණිවිඩ නෑ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනකුගේ ගෙවල් ගිනි තියද්දී ඒ අපරාධයට විරුද්ධව නීතිඥ සංවිධානය හෝ මානව සංවිධාන හෝ තානාපතිවරුන් හෝ කිසිදු ටිවිටර් පණිවිඩයක් නිකුත් නොකළ බව කණගාටුවෙන් වුව පෙන්වා දෙන්නේ යැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. 26 July 2022
ජනපති කොඩිය සරමට ගත්ත හොරා ආරක්ෂක කැමරාවේ කොටුව ජනාධිපති මන්දිරයට ඉකුත් නව වැනි දා ඇතුළුූ පිරිස අතර සිටි පුදගලයකු එම මන්දිරයේ සවිකර තිබූ ජනාපති නිල කොඩිය සොරගෙන යන අයුරු එහි ආරක්ෂක කැමරාවක සටහන් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 26 July 2022
විපක්ෂයෙන් නව පෙරමුණක් ළඟදීම ඩලස් අලහප්පෙරුම විමල් වීරවංශ යන මහත්වරුන් පෙරටු කරගෙන විපක්ෂයේ නව පෙරමුණක් ළඟදීම පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 26 July 2022
බණ්ඩාරගමිනුත් ඉන්ධන වංචාවක් හසු වෙයි කැබ් රථ දෙකක ඇන්ජිම හා ඉන්ධන ටැංකිය අතර ඉන්ධන ගමන් මාර්ගය ව්‍යාජ ලෙස වෙනස් කර හා අංක තහඩුව ද ව්‍යාජ අයුරින් වෙනස් කර පෙට්‍රල් ලබා ගැනීම සඳහා බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ රඳවා තිබූ කැබ් රථ දෙකක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. 25 July 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026