
(ඉන්දිකා රාමනායක සහ ජයමාල් චන්ද්‍රසිරි)
ගාමුමුවදොර බණ්ඩාරනායක පිළිරුවප සහිත ප්‍රදේශ ඇතුලු වීම වලක්වාලමින් අධිකරණ නියෝග නිකුත් කර තිබියදි එම ප්‍රදේශයේ රැඳී සිටි පුද්ගලයන් සිව් දෙනකු අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පිළිරුවට හානි කිරීමේ සුදානමක් ඇති බවට පොලිසිය කළ දැනුම් දීමකට අනුව මෙම පිළිරුව සහිත ප්‍රදේශයේ මීටර් 50 වපසරිය කිසිදු පුද්ගලයකුට ඇතුලු වීම වලක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඉකුත් නියෝගයක් කළේය.
එම නියෝගය උල්ලංඝනය කරමින් මෙම සිව්දෙනා ඉහත ප්‍රදේශයට ඇතුලුව සිටියදි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ වැඩ නවත්වනවාද? මේ පිළිරුවට හානි කරන්න කාටවත් ඕනෑ නැහැ. සමහර විට රනිල්ට ඕනෑ ඇති ඒක කඩලා එතැන තමන්ගේ පිළිමයක් හදාගන්න. ඒ නිසා මේ බොරු වැඩ කරලා මිනිස්සුන්ට කරදර කරලා තියෙන ඡන්ද 35000ත් නැතිකර ගන්න තමයි මේ හදන්නේ...